චොක්ලට් චිප්ස් එක්ක කජු හැපෙන calton, choco chip cake

0
354

20200215 195056 01

කෑම, කිව්වාම අප අතරේ විවිධාකාරයේ කෑම වලට ආස අය ඉන්නවා, පැණි රස කෑම, දැවිල්ල කෑම, ලුණු රස මේ වගේ විවිධ රසවල් වලට අපි විවිධ විදියට කැමතියි.

අද අපි කතා කරන්නේ චොකලට් පෙරේතයන්ට හොද කෑමක් ගැන. Calton එකේ choco chip cake. ඇත්තටම මේ කේක් එකනම් චොක්ලට් රසට කැමති අයට නියමෙට ගැලපෙන කේක් එකක්.කනකොට චොකලට් චිප්ස් රස හොදින්ම දැනෙනවා, චිප්ස් හැපෙන්න දාල තියෙන නිසාත් කන්න කන්න ආස හිතෙනවා.ඒ වගේමයි කජු…

චොකලට් රසත් එක්ක කජු වලට තියෙන්නේ මොනවගේ බැදීමක්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

ඒ වගේම කේක් එක soft, වේලිච්ච ගතියකුත් නැහැ. ඒ නිසා අනිත් කේක් වලටවඩා (සමහර තැන්   වල)  හොද රසයක් මේකෙන් ලබා ගන්න  පුළුවන්.

කේක් කෑල්ලක් රු.145ක් විදියටයි මිල කරල තියෙන්නේ. තෙල්වත්ත හංදියේ calton එකේනම් අනිවාර්යයෙන්ම මේ කේක් එක ගන්න   ඔයාලට පුළුවන්.

ඉතින් ඔයාලත් calton එක පැත්තේ ගිය වෙලාවට මේකේ රස බලල තියෙනවනම් ඔයාලගේ අදහසුත් අපිත් එක්ක බෙදාගන්න.

20200215 193159 01

20200215 191246 01
එතනම කන්නේ නැතිව අරගෙන යනවානම් මේ වගේ box එකක පරිස්සමට අරගෙන යන්නත් පුළුවන්

20200215 201335 02

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here