චොගම් සභාපතිගේ ” හූ ”බලකාය

0
263

පොදු රාජ්‍ය මණ්ඩලිය සභාපතිධුරයෙන් පිදුම්ලද ශ්‍රි ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් උද්ඝෝණ මර්ධනය කිරිම සදහා අළුත්ම බලකායක් වෙත සිය පුර්ණ අශිර්වාදය ලබාදි තිබුණ අයුරු අප ඊයේ ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිටදි පළමු වරට දුටුවෙමු.
මේ සදහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදිම වෙනුවෙන් ජේෂ්ඨ පොලිස් අධිකාරි රණගල මහතා විසින් සපයා දි තිබුණි.
නිදහසේ වේදිකාවේ කැදවුම්කාර මණ්ඩල සාමාජිකා ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය වෙත ශ්‍රිලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් 2013 නොවැ 04 වනදා රට යන අත නමින් වු වැඩසටහනේදි එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතා විසින් කර ඇති මරණ තර්ජන වලට එරෙහිව ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
මෙහිදි උද්ඝෝෂකයන්ට එරෙහිව හු කිම සදහා ගුවන්විදුලි සංස්ථාවේම බලකායක් පාරට පැමිණ සිටි අතර ඒ ඇතමෙක් නිළ හැදුනම්පතද සහිත කරපටිද පැලද සිට ඇත.
මේ අය විසින් මෙන්ම ජේෂ්ඨ පොලිස් අධිකාරි රණගල විසින්ද විරෝධතා පවරු පැන පැන ඉරා දමා තිබුණි.hadda 2haddahadda 3hadda 3hadda 4hadda 8ඡායාරූප- විකල්ප වෙඩ් අඩවියෙනි