ඡන්දයට රු.කෝටි ගණනින් බඩු බෙදු ඇමති ලංසා පස්සරදි මාට්ටු..?

0
104

බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා යනු බඩු ඉස්සරකරගෙන දේශපාලනයේ නියැලෙන්නෙකි.
මේ නිසාම ඔහු සිතන්නේ හැකිතාක් අතදිගහැර බඩු නොමිලේ බෙදාදිම මගින් ජනතාව ගොනාට අන්දවා ඡන්දය ගන්නටය.
එහෙත් මීගමුවේදි ඇමති ලංසාගේ බඩු දේශපාලනය ඇත්තටම සල්ලංවිය.
ඒ කෙසේද යත් ඇමති ලංසාගේ තාත්තාට මළපණින තරමට එය සල්ලංවිය.
ඇමති ලංසාගේන් බොහෝ දැ ගෙන රොයිස් විජිතට මනාපය ගැසු ධීවර කාන්තාවන් වෙත කුණු හරුපයෙන් බැන වැදිමට තරම් කේන්තියක් ඇමති ලංසාගේ පියාට විය.
කෙසේ වෙතත් අප දැනටමත් මතු කර තිබුනේ ඇමති ලංසා ඌව ඡන්දය සදහා මීගමුව මහනගර සභාවෙන් ලක්ෂ 5 ක ක්‍රිඩා භාණ්ඩ ලබාදෙන ලෙස ඉල්ලා එහි ගණකාධිකාරිවරයාට තර්ජනය කළ බවය.
කෙසේ වෙතත් පස්සර දි මැතිවරණ දිනයේදි පවා විදුලි ස්ත්‍රික්ක විශාල ගණනක් නොමිලේම දෙන්නට ඇමති ලංසා කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් පසුගිය දිනක පැවැති දෙරණ නාලිකාවේ වැඩ සටහනකදි මුළු ලංකාව බලා සිටියදි ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පැමිණි දේශපාලන නියෝජිතයා විසින් පවසා සිටියේ විදුලි ස්ත්‍රික්ක 6000  ක් ඇමති ලංසා විසින් මැතිවරණය දිනයේදි බෙදාහැරිය බවය.ද
එහෙත් අපට වාර්ථා වන්නේ ඇමති ලංසා විසින් විදුලි ස්ත්‍රික්ක 20000 ක් බෙදාහැරිය බවය.
nimal lansa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here