ඡන්ද පත්‍රිකා ලැබී නැතිනම් අද සිට තැපැල්කාර්යාලයෙන් ඒවා ලබාගන්න

0
99

මෙතෙක් සිය ඡන්ද පත්‍රිකා නොලැබුණ ඡන්ද දායකයන්හට අද(5) දිනයේ සිට සිය තැපැල් කාර්යාල වලට ගොස් තමන්ගේ ඡන්ද පත්‍රිකාව ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ නිළ ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදාහැරිමේ කටයුතු ඊයේ (04) දිනයෙන් අවසන් වූ බවයි. ඒ හේතුවෙන් මෙතෙක් ඡන්ද පත්‍රිකා ලැබී නොමැති නම් සිය  ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අනන්යතාවය තහවුරු කර ඡන්ද පත්‍රිකා ලබා ගත හැකිය.