“ජනතාවට මිත්‍යාව රජපවුලට විද්‍යාව: Rapid Test Kit ඇනවුම නාලිකාවක හිමිකරුට”

0
72
Nalin

Covid – 19 ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීමට සිදු කරනු ලබන පරීක්ෂණ සඳහා භාවිතා කරන වේගවත් පරීක්ෂණ කට්ටල (Rapid Test Kit) ගෙනඒම මේ ආණ්ඩුවේ ගජමිතුරු නාලිකා හිමිකරුවකුගේ සමාගමකට ලබා දී ඇතැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා චෝදනා කරයි

ඔහු මේ බව කියා සිටියේ අද (05) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

අදාළ සමාගම මීට පෙර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන ඒමේදී ද එසේ පැමිණෙන පිරිසට හෝටල් පහසුකම් ඇතුළු අවශ්‍යතා පැකේජයක් ලෙස ලබාදෙමින් අසීමිත ලෙස මුදල් ඉපැයූ බවද ඔහු කියා සිටියේය.

මිත්‍යාව හා විද්‍යාව

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ඇතුළු ඇමතිවරුන් කිහිපදෙනෙකු ගංගාවලට පිරිත් පැන් සහිත කළ අතහරිමින් ජනතාව බේරාගන්නට කටයුතු කරන බවට මිත්‍යාව පතුරවමින් සිටියදී, ආණ්ඩුවේ VVIP අය විද්‍යාවට අනුව චීනයෙන් ලබාගත් කොරෝනාවෙන් බේරීමට ප්‍රතිශක්තිකරණ එන්නතක් මේවන විට විදගෙන සිටින බවයි.

එම එන්නත එක් අතකට විද ගැනීමට ඩොලර් 70ක් අවශ්‍ය බවද කී ඒ මහතා මේවන විට ඔවුන් අත්දෙකටම ඩොලර් 140 බැගින් දී එන්නත් විදගෙන ඇතැයි ද කියා සිටියේය.

ඩුබායි ෂෙයික් වරයාද මේ එන්නත පසුගිය කාලයේ විදගනු දැකගත හැකි වූ බවද ඔහු කීය.
srilankamirror.com