ජනතාවට සේවය කරන රජෙක් ගැන කාර්දිනල් හිමි කියයි !

0
246

IMG-20200105-WA0004IMG-20200105-WA0010ජනතාවට අවශ්‍ය වන්නේ ජනතාවට සේවය කරන රජෙක් ගැන අදහසක් කාර්දිනල් හිමියන් විසින් මතු කොට තිබුණි.ඒ
මීගමුව , වැල්ලවීදිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නව අල්තාරය ආසිරි ගැන්වීමේ අවස්ථාවේදීය. .ලෝකයේ අඥදායක පාලකයින් දෙදෙනකු ගැනද එතුමා එහිදි සදහන් කර තිබුණි.
ඒ පාලකයන් එදා විශාල පිරිසක්  මරණයට පත්කළ බවද  පැහැදිළි කරන ලදී .
මෙහිදී ජර්මන් ජාතික ඇඩොල්ප් හිට්ලර් ඉන් එක් අයෙකු වන අතර අනෙක් කෙනා රුසියානු ජාතික ස්ටාලින්ය යනුවෙන් කාර්දිනල් හිමියන් පවසා තිබුණි.
ජනතාව තෝරා ගතයුත්තේ මේ පාලකයින් නොව ජනතාව වෙනුවෙන් කටයුතු කරන පාලකයින් බව කාදිනල් තුමා එහිදි අවධාරණය කරන්නට යෙදුණි.IMG-20200105-WA0013
IMG-20200105-WA0005මෙම අවස්ථාව සඳහා වැල්ලවීදිය දේවස්ථානය භාර පියතුමා ඇතුළු පියතුමන්ලා සහ කන්‍යාසොයුරියන් කිහිප දෙනෙකු සමඟ මීගමු කලාපය භාර සිස්වාන් ද කෘෘස් පියතුමා සහ දිසාව භාර ගියොම් නෝනිස් පියතුමා ද සහභාගී විය .
එසේම එ.ජා.ප.ය නියෝජනය කරමින් කාවින්ද ජයවර්ධන , නා.මන්ත්‍රී සජිත් මොහාන් මහතාද සහභාගිවිය ..
කාර්දිනල් හිමිගේ පැමිණිම නිසා වැල්ලවිදිය දෙව්ස්ථානය අසල ආරක්ෂාවද තරකර තිබුණි.