ජනතාවට සේවා සපයන වැඩසටහන් පුද්ගලික අංශයට පැවරිය යුතුයි – ඇමති නිමල් ලංසා

0
65

nimal-lansa-මීගමුව මහනගර සභාවට අයත් ක්‍රිඩා පිට්ටනි ඇතුළු මහජන සේවා ස්ථානය ගණනාවක් මේ වන විට පුද්ගලික අංශය විසින් පාලනය කිරිම හේතුවෙන් ඒවායෙන් කිසිදු ආදායමක් මහනගර සභාවට ලැබෙන්නේ නැත.
මීගමුවේ කඩොල් කැලේ පිහිටි රු ලක්ෂ ගාණක් වැය කරමින් තැනු ටෙනිස් පිටිය අද භුක්ති විදින්නේ කොළඹ ටෙනිස් සමාජය විසිනි.
එමෙන්ම ගෘහස්ත ක්‍රිඩාංගනය පවා එලෙසින්මය.
මහනගර සභාවේ මුදල් වැය කරමින් තැනු මේ තැන් පුද්ගලික අංශයට පැවරිමට මුල් ක්‍රියාකළ එවකට නගරාධිපතිව සිටි නිමල් ලංසා මහතාගෙන් මේ ගැන විමසු අවස්ථාවේ ඔහු කියා සිටියේ මෙම ක්‍රිඩා පිට්ටනිවලින් මහනගර සභාවට මුදල් හමබ්කර දිමට තමන් කල්පනා නොකළ බවත් මෙවැනි මහජන සේවා ස්ථාන නගර සභාවකට පාලනය කරන්න හෝ නඩත්තු කරන්නට නොහැකි බවත් ඒ නිසාම ඒවා පුද්ගලික අංශයට පැවරු බවත් ඉන් බලාපොරොත්තු වන්නේ මේ ක්‍රිඩාපිට්ටනිවලින් දක්ෂ ක්‍රිඩකයින් බිහිවිම පමණක් බවත් ඔහු සදහන් කළේය.
ඇමති නිමල් ලංසාගේ මෙම ප්‍රකාශය ගැන බදු ගෙවන මීගමුවේ පුරවැසියෙකුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ මහනගර සභාව එවන් මහජන සේවා නඩත්තු කළ හැකි ආයතනයක් බවට දේශපාලන අධිකාරිය විසින් පත්කළ යුතු බවය.
ඒ වෙනුවට  ඒවා පුද්ගලික අංශයට පවරා ඇගබේරා ගැනිම දක්ෂකම හෝ නගර පාලනය නොවන බව දේශපාලකයන් සිහි තබාගත යුතු බවද අවධාරණය කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here