ජනතා ආරක්ෂාව ගැන නාවික හමුදාව විහිළු සැපයිම?

0
66

ආරක්ෂක අංශ යනු යම් විනගත ආකාරයට විධිමත් පුහුණුවකට යටත් වු ඉහල අණට කීකරුව ඒවාම පිළිපදින පිරිසකි.

ඒ අයගේ හැසිරිම් මේ සමාජය තුල හාස්‍යජනක වන්නේ නම් සැබැවින්ම එය බරපතල තත්වයකි.සැබැවින්ම දැන් මේ රට අද වන විට පත්ව ඇත්තේ ආරක්ෂක අංශ පවා විහිළුවකට ගැනෙන ආරාජික තත්වයකටය.

ඊයේ දිනයේ බෝපිටිය පල්ලියට පැමිණි වැලිසර නාවික හමුදාවේ නිලධාරියෙකු බෝපිටිය දේවස්ථානයට දැනුම් දි තිබුනේ ප්‍රහාරයක් සිදුවිමට ඉඩ ඇති බවය.

මෙය බරපතල තත්වයකි.එහෙත් එදිනම සවස ආරක්ෂක ලේකම්වරයා කියා සිටින්නේ එය වැරදිමක් බවය.

මේ සිදුවෙමින් ඇත්තේ කුමක්ද? මේ අප අත්දකිමින් සිටින්නේ අනික් ක්ෂේත්‍ර ගණනාවක් ගිලගෙන ඇති ආරාජිකත්වය දැන් ආරක්ෂක අංශ කරාද පැමිණ ඇති බව නොවේද ?