ජනපතිගෙන් ලංසා කැපේ !මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපතිකම සුදර්ශණි මැතිණියට..?

0
81

dr.Sudarshaniඇමති නිමල් ලංසා විසින් මෙතෙක් දරනු ලැබු මීගමුව ප්‍රාදේශිය සංවර්ධන  කමිටුවේ සමසභාපතිධුරය ජනපති මෛත්‍රිපාල සිරිසෙන මහතා විසින් ඉවත් කර ඇතැයි වාර්ථා වේ.
ඒ සදහා කටාන ශ්‍රිලනිප සංවිධායිකා ඇමතිණි විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත හිමිව ඇත.
ඒ වෙනුවෙන් වු පත්විම් ලිපිය මේ වන විටත් සුදර්ශණි මැතිණිය වෙත ලැබි තිබේ.
ඇමති ලංසාගේ සමසභාපතිධුරය ජනාධිපතිවරයා විසින් අහෝසි කරනු ලැබිම ඉදිරියේදි සිදුවිමට නියමිතව ඇති තවත් හොද හොද සෙල්ලම් කිපයක සුභ පෙරනිමිත්තකැයි නම සදහන් කිරිමට අකමැතිවු මීගමුවේ ජේෂ්ඨ ශ්‍රිලනිප ක්‍රියාකාරිකයෙකු මීපුර වෙබ් අඩවියට පවසා සිටියේය.
බැසිල් රාජපක්ෂ අද මුහුණ දෙමින් ඇති ඉරණම ඇමති නිමල් ලංසා වෙතට ලගාවිමට ඇත්තේ දින වකවානු අතර පරතරයක් පමණක් විය හැකි යැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.
මේ අතර අප විසින් පසුගිය දිනක හෙළිකරන්නට යෙදුන නිමල් ලංසා පදනම කඩිමුඩියේ විසුරුවා දැමිම  දැන් මේ සිදුවෙමින්  ඇති වර්ධනයන්ට මුහුණ දිම සදහා පෙර සුදානම් විමක් ලෙසින් ඇතැමුන් හදුන්වන්වන්නටද පටන් ගෙන තිබේ.