ජනපතිගේ කමිටුව විහිළුවක් ! ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍යයයි !

0
167

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් හෙළි කළ කරුණු ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කිරීමට යෝජිත විමර්ශන කමිටුව විහිළුවක් බැවින් එය එක හෙලා ප්‍රතික්ෂේප කරන බව ලංකා කතෝලික සභාව ප්‍රකාශ කරන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

එය ජනතාවගේ මුදල් තවත් වරක් නාස්ති කිරීම මෙන්ම ප්‍රහාරයෙන් මියගිය  තුවාල ලැබූ වින්දිතයන්ට කරන අවමානයක් යැයි ද ලංකා කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල්  ගාමිණි පියතුමා මෙහිදි අවධාරණය කර ඇත

ජාත්‍යාන්ත නිරීක්ෂණයක සහ අධීක්ෂණයකට යටත්ව ස්වාධීව කොමිසමක් මගින් මෙම විමර්ශන කටයුතු සිදු කළ යුතුයැයි ද එතුමන් පවසා තිබුණි.

ඒ සඳහා මෙතෙක් විමර්ශන කටයුතු කළ දැනට තැන් තැන්වලට ස්ථානමාරු කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20 දෙනා ඒ සඳහා තවදුරටත් යොදා ඔවුන් නැවත් වූ තැන සිට ඉදිරියට පරික්ෂණ කටයුතු කිරීමට ඉඩ සලසා දිය යුතු බව ද පියතුමෝ කීහ.

මේ අතර පසුගියදා කාර්දිනල් හිමියන් පවසා තිබුනේ කළ වරද පිළිගන්නේ නම් පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට සමාව දිමට සුදානම් බවය.

පාස්කු ඉරුදින ප්‍රහාරය බලයට ලබාගැනිමට කෑදරවුවන්ගේ ප්‍රහාරයක් ලෙසින් කතෝලික සභාව ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු බවට සිය හෙලිකිරිම් තුල අවධාරණය කර ඇත