ජනපතිගේ මීගමු ගමන නිසා ධීවරයන් සහ වෙළෙන්දෝ අනාථයි.

0
74

polaජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සවස 4 ට මීගමුවේ උසාවි සංකිර්ණය විවෘත කිරිමට නියමිතය. මේ හේතුව නිසා ධීවරයන් හට මුහුදු යාමෙන් වලකින ලෙස  දන්වා ඇතැයි යන ආරංචිය නිසා අද දිනයේ ධීවරයන් සැලකිය යුතු ප්‍රමාණයක් මුහුදු ගොස් නොතිබුන අතර මාළු අලෙවි කරන අය අය මාළු ගෙන යාම සදහා වැල්ලට වෙනදා එන වෙළෙදන්ද පැමිණ සිටියේ නැත.
මේ අතර මීගමුව මාළු වෙළද සැල  අසල පවත්වාගෙන යනු ලබන  එළවළු වෙළද පොලේ සියලුම වෙළෙන්දන් හට ඊයේ පොලිසියෙන් පැමිණ දන්වා ඇත්තේ අද  දිනයේ පොළ නොපවත්වන ලෙසය.
මේ  හේතුව නිසා අද දිනයේ එළවළු වෙළදුන් හෝ තැඹිලි අලෙවි කරුවන් මෙන්ම කරවල විකුණන වෙලෙදුන්ද සියළු කඩ වසා දමා තිබුණි.
ආරක්ෂක අංශවල මේ සියළු මෙහෙයුම් නිසා ධීවරයන් සහ වෙළෙන්දුන් මහත් අපහසුවකට පත්ව තිබුනේ සිය දෛනික ආදායම මේ නිසා  බරපතල  අර්බුදයකට ගොස් ඇති නිසාය.
විශේෂයෙන්ම පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්වයන් නිසා වැඩි දින ගණනක් ධීවරයන් හට මුහුදු යාමට නොහැකි විය. එනිසා  දැනටමත්  ණයට ගෙන ජිවත්ව වෙමින් සිටින තත්වයකදි ආරක්ෂක අංශවල ඇතැම්  දැනුම් දිම් නොතකා මුහුදු ගිය ධීවරයන් හට ඉතා හොද මාළු අස්වැන්නක් ලැබි ඇති පසුබිමක සවස 4 ට උත්සවයට එන ජනාධිපති නිසා තමන්ගේ උදේ වරුවේ සියළු ආදායම් ලබාගැනිමට තිබු ඉඩ ඇහිරි ගිය ධීවරයන් සහ වෙළෙදුන් පවසති..
එමෙන්ම වෙරළ තිරය දිගටම හමුදාව රදවා ඇතැයිද ඉතා සියුම් ලෙසින් ඒ අවට පරික්ෂාවට ලක්කෙරෙමින් ඇතැයිද ප්‍රදේශවාසි හු පවසති.