ජනපතිගේ රුව නැති පොහොට්ටුවේ තොරණ පිළිබද ප්‍රශ්ණය දුරදිග යන ලකුණු ?

0
189

DSC_0053මීගමුව මහනගර සභා භුමියේ අද ඉදිකොට  තිබුණ තොරණෙහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ රුව නොතිබිම පිළිබද ප්‍රශ්ණය ආදල ඉහලම තැනට පැමිණිලි කරන බව අප කළ විමසුමකදි මීගමුව ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් කියා සිටියේය.
රටේ ජනාධිපතියාගේ රූපය අමතක කොට තවත් බොහොමයකගේ රුව රැගත් මේ තොරණ ගැන කථාබහක් දැනටමත් විවිධ තැන්වල මතුව ඇතැයිද වාර්ථා වේ.
ශ්‍රිලනිප සම සංවිධායක එම් .සකාවුල්ලා අද දිනයේද මාධ්‍ය හමුවේ කියා සිටියෙ ශ්‍රිලනිප මන්ත්‍රින් 05 දෙනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ තින්දු ප්‍රකාරව පොහොට්ටුවට එක්වු බවය.
එය සත්‍යයක් නම් අනිවාර්යෙන්ම මෛත්‍රි රුව තොරණේ ප්‍රධාන තැනක් ගතයුතුව තිබුණි.
මෙය එහෙම පිටින්ම ලංසා පවුලේ ගේමක් යැයි නම සදහන් කිරිමට අකමැති වු එක්සත් ජනතා සන්ධානයේ ක්‍රියාකාරිකයෙකු සදහන් කර සිටියේය.

????????????????????????????????????