ජනපතිට තුනෙන් දෙකේ බලයක් නොදෙන්න පොහොට්ටුවේ සැලැස්මක්!

0
66
මීලග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තුනෙන් දෙකක බලයක් අත්වීම වැලැක්වීමේ

කුමන්ත්‍රණයක් පොහොට්ටු පාර්ශවයෙන්ම ක්‍රියාත්මක කර ඇති බව ආණ්ඩුවට පක්ෂපාති වෙබ් අඩවියක් විසින් අනාවරණය කර තිබේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුල අභ්‍යන්තර සාකච්ජා හෙළිදරව් කරමිනි.

එම පුවත් වාර්තාවට අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රීලනිප මන්ත්‍රීන් ඉලක්ක කරමින් ආරම්භ කර ඇති විවේචන එම සැලසුම අනුව සිදුවන ඒවායි.

පසුගිය ජනාධිපතිවරණයෙන් 52%ක් ලබමින් ගෝඨාභය රාජපක්‍ෂ ලැබූ ජයග්‍රහණය තුලද ශ්‍රීලනිප ඡන්ද කොටසක් ඇති බවත් 2/3 බලයක් එනම් 66%ක් ලබා ගැනීම සදහා ශ්‍රී ලනිප ඡන්ද ප්‍රමාණය අත්‍යවශ්‍ය වී ඇති බවද ශ්‍රීලනිප ප්‍රකාශකයෙක් උපුටමින් එම පක්‍ෂයට සමීප සමාජ ජාල පිටු කිහිපයක වාර්තා කර ඇත.

19 වන සංශෝධනය අහෝසි කර ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කිරීමට 2/3 බලය අවශ්‍යව තිබියදී ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමට අකමැති පිරිසක් විසින් සැලසුම් සහගතව මෙය ක්‍රියාත්මක කරන බවද එහි දැක්වෙයි.

මේ හා සමාන ප්‍රකාශයන් මෑත කාලයේදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විසින් ප්‍රසිද්ධියේ සිදු කරන ලදී.

(උපුටා ගැනීම අවසන්)

 

ගෝඨාභයගේ ජයග්‍රහණයට ජනමතය සැකසු මහාචාර්යවරයා කියන කතාව:

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට ගෙනඒමට අවශ්‍ය සිංහල බෞද්ධ මතවාදය සැකසීමට මුල්වූ මහාචාර්ය නලින් ද සිල්වා පවසන්නේ, ශ්‍රීලනිපය නොමැතිව පොහොට්ටුවට තුනෙන් දෙකේ ආණ්ඩුවක් සැදීමට නොහැකි බවයි. සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර තිබිණ.

එහිදී ඔහු සඳහන් කර තිබුනේ මෙසේය.

”අද ආණ්ඩුව කළ යුත්තේ ළඟ එන මැතිවරණයට සූදානම් වීමයි. එහි දී තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට කටයුතු කිරීමයි. ඒ කළ හැක්කේ පොහොට්ටුව හා ශ්‍රී ල නි පක්‍ෂය ඇතුළු පක්‍ෂ දහහත එකතු වීමෙන් පමණයි. පොහොට්ටුවට පමණක් සම්ම ජාතියේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්න බැහැ.

පොහොට්ටුවේ උද්ධච්ඡයන්ට ඒ බව තේරෙන්නේ නැහැ. සමහර විට තේරුණත් තම මන්ත්‍රිකම රැක ගැනීම ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට වඩා වැදගත් යැයි ඔවුන් සිතනවා. පොහොට්ටුවට තුනෙන් දෙකක් තියා ශ්‍රීලනිපය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවීමටවත් අවස්ථාව නොලැබෙන්න ඉඩ තියෙනවා..

පොහොට්ටුවේ ඇතැමුන් හිතන්නේ බැසිල්ගේ ඊනියා යාන්ත්‍රණයෙන් සියල්ල ජයගත හැකි ය කියා. මැතිවරණ ජයගන්නේ ඊනියා යාන්ත්‍රණවලින් නොව ජනතාවගේ කැමැත්ත දිනා ගැනීමෙන්. බැසිල්ගේ ඊනියා යාන්ත්‍රණයට 2015 දී ජය ගැනීමට නොහැකි වූයේ ඇයි? ඒ මහින්දට ජනතා කැමැත්ත දිනා ගැනීමට නොහැකි වූ නිසා.”

 

ගෝඨාභය හුදෙකලා කිරීමේ උවමනාව !

මේ අතර මහාචාර්ය නලින් ද සිල්වා ‘ඒෂියන් මිරර්’ සමග පසුගියදා පැවති සම්මුඛ සාකච්ජාවක දී කියා සිටියේ, ශ්‍රීලනිපය විනාශ කිරීමේ උවමනාවක් බැසිල් රාජපක්ෂට තිබෙන බවයි. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ දිනුවේ ශ්‍රීලනිපය නිසා බව අවසානයේ බැසිල් රාජපක්ෂට ද පිළිගැනීමට සිදුවූ බව නලින් ද සිල්වා එහිදී කියා සිටියේය.

theleader.lk