ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් ඊයේ (30) කෝච්චියේ නැගී යාපනය ප්‍රදේශය වෙත පැමිණ ඇත.
කොළඹ සිට යාපනය බලා පැමිණි යාල්දේවි දුම්රියෙන් ඒ මහතා යාපනය වෙත පැමිණි ඇත.
එහිදි ප්‍රදේශවාසීන් පිරිසක් විසින් සේනානායක මහතා පිළිගෙන ඇත.
කෝච්චියේ ගමන් කරන අවස්ථාවේ සේනානායක මහතාගේ ආධාරකරුවන් විසින් දුම්රිය මගීන් වෙතද සේනානායක මහතාගේ ඡන්ද ප්රචාරක පත්‍රිකා බෙදා දී ඇත.
සේනානායක මහතා විශ්‍රාම ගැනීමට පෙර යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස ද කටයුතු කර ඇත.ඔහු යාපනයේ ආරක්ෂක සේනා අඥාපති ලෙසින් කටයුතු කරන සමයේ මෙරට ඉතිහාසයේ පළමු වරට දකුණෙන් උතුරට ගිය මාධ්‍යවේදින්ගේ ගමන සංවිධානය කරගැනිමට ප්රමුඛ සහයක් ලබාදුන් අයෙකුද වෙයි. උතුරේත් දකුණේත් මාධ්‍යවේදින් පළමු වරට මෙසේ හමුවු අවස්ථාවේදි විශේෂයෙන්ම උතුරේ මාධ්‍යවේදින්ට බලපාලන ගැටළු සාකච්ජාව කිරිමටත් ඔවුන් හා ඉතා සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමටත් යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙසින් කටයුතු කර තිබුණි.
යාපනයේ මාධ්‍යවේදින්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය වු යාපනය මාධ්‍ය සමාජය සමගින්ද සුහද සමබන්ධතාවයක් නඩත්තු කිරිමටද ඔහු පියවර ගෙන තිබුණි.