ජනපති ගෝඨාභයටත් නිගාදෙමින් ක්‍රියාත්මක නිමල් ලංසාගේ මැතිවරණ සටන ….

0
254
බටුවත්තේ රැස්විමක්
ඊයේ දිනයේ බටුවත්තේ පැවැති නිමල් ලංසාගේ රැස්විමක්

පොදුවේ ගත්කළ රටේ අතිබහුතරයක් දේශපාලකයන් කොරෝනා වලින් ආරක්ෂා විමට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග තුට්ටුවකටවත් මායිම් නොකර සිය මැතිවරණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිති.
මේ අතර වඩාත් විහිළු සහගත කරුණ වන්නේ නිමල් ලංසා සිය මැතිවරණ වැඩසටහන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ මැතිවරණ කොමිසමේ උපදෙස් මත කරනවා යැයි කියමින් නටන ජොගියයි.
දැන් ජනපති ගෝඨාභයට නිගා දෙමින් සිය සුපුරුදු විනය විරෝධි මැතිවරණ රැස්විම් මාලාවේ නිරත වෙමින් සිටි.

ඒ ගැන නිමල් ලංසාගේ මුහුණු පොතේ මෙසේ සදහන්ය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ මැතිවරණ කොමිසමේ උපදෙස් මත ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් මාගේ ප්‍රධානත්වයෙන් බටුවත්ත වලපොල කලාපය ජා-ඇල ආසනයේ පැවති ක්‍රියාකාරී හමුවක්.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙලට බාධාවක් නොවමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණයි.
( උපුටා ගැනිම අවසන් )

ගෝඨාබය යනු නිතියට වැඩකරනු අයෙකු සේ රටටම කියාපාන්නට උත්සාහ කළ පොහොට්ටුවේ දේශපාලකයන් විසින්ම දැන් ඔහුවද ජෝකර් කෙනෙකුගේ තත්වයට ඇද දමමින් ප්‍රසිද්ධියේ  මුහුණු පොතේ පවා සටහන් තබා එහි සදහන් අර්ථයට ඉදුරාම පටහැනි අයුරින් සෞඛ්‍ය නිති රිති මෙන්ම සියළු නිති උල්ලංඝනය කරමින් සිටි.

මේ අතර අද දිනයේ මාධ්‍ය විසින් අද දිනයේ වාර්ථා කර තිබුනේ මුහුණු ආවරණ නොපැළදු 1214 දෙනෙකු නිරෝධායනයට යවා ඇති බවය.
සාමය හා ක්‍රමවත්භාවය රටතුල පවත්වාගෙන යෑමේ වගකිමට උරදෙන පොලිසිය දැන් විහිළු සැපයිමටද පටන් ගෙන තිබේ.
මුහුණු ආවරණ නැති අය පාරවදි අත්අඩංගුට ගන්නා පොලිසිය දේශපාලකයන්ගේ රැස්විම් වලට එන අයව සහ විශේෂයෙන්ම දේශපාලකයන්ව අත්අඩංගුවට නොගන්නේ මන්ද ?