ජනපති ගෝඨාභය UN මානව හිමිකම් යෝජනාවට පයින් ගසයි !

0
67
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකා සම්බන්ධයෙන් සම්මත කර ඇති යෝජනාව රටට අනර්ථකාරී බැවින් එය පිළිගැනීමට තම රජයට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.විදෙස් මාධ්‍ය ආයතන නියෝජිතයන් හා දෙසැ (19) පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලවත් අත්වැරැද්දක් බවත්, රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් බවත් ඔහු සඳහන් කළේය.

”ස්විස් තානාපති කාර්යාල සිදුවීමට දෙරටේ ආණ්ඩු මැදිහත් නොවිය යුතුයි’

එසේම, කොළඹ ස්විස් තානාපති කාර්යාලයෙ සේවිකවක පැහැර ගැනීමක් කළා යැයි කියන සිදුවීම ගොතන ලද්දක් බැවින් දෙරටේම ආණ්ඩු එයට මැදිහත් නොවී නෛතික ක්‍රියාමාර්ගයන්ට ඉඩ දිය බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

සිද්ධියට සම්බන්ධ කාන්තාව තානාපති කාර්යාලයේ සේවිකාවක බැවින් ස්විස් තානාපතිවරයා ඇය වෙනුවෙන් පෙනී සිටීම වරදක් නොවන බවද ජනපතිවරයා කියා සිටියේය.

චෝදනා කර ඇති ආකාරයේ පැහැර ගැනීමක් කිසිසේත්ම සිදුවී නොමැති බව අවධාරණය කළ ජනපතිවරයා, තාක්ෂණික සාක්ෂිවලින් ඒ බව සනාථ වී ඇති බවද කියා සිටියේය.

ස්විස් නිලධාරියෙකු දිවයිනට !

මේ අතර ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත්කල නිවේදනයක සඳහන් වන්නේ, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා තම දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ , ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපති ජොග් ෆ්‍රිඩෙන් මහතා මෙලෙස දිවයිනට එවීමිට කටයුතු කරන බවයි.

මෙලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ නායකත්වය යටතේ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමේ හැකියාව සොයා බැලීමට හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයන් එරට විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කාස්සිස් සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර දුරකථන සංවාදයක් ද පවත්වා ඇත.
theleader.lk