ජනපති මෛත්‍රි කළ ඉල්ලිමට තිලංගගේ ලක්බිම පිටුපෑවේ ඇයි ?

0
78

Thilanga

මෑතකදි උතුරේ සංචාරයක නියැලුන ජනපති මෛත්‍රි ඉතා වැදගත් ප්‍රකාශයක් සිදුකොට තිබුණි.එනම් සංහිඳියාව අරභයා වැඩි වැඩකොටසක් ඉටුකළ යුතුව ඇත්තේ දකුණේ ජනයා විසින් බවය.
ඒ අනුව බලන පසුගිය සතියේ දින 2කක් පුරාවට යාපනය තුල සිදුකෙරුන මාධ්‍යවේදින්ගේ සංහිදියාවේ චාරිකාව නව රජය බලයට පත්විමෙන් සංහිදියාව අරමුනු කොටගෙන පැවැති අති දැවැන්තිම වැඩසටහනයි.
ජනමාධ්‍ය ඇමතිවරයෙක් නිළ වශයෙන් යාපනයට පැමිණි තිබුනේ වසර 15 කට පසුවය.
එපමණක් නොව මේ මනට නියෝජ්‍ය ඇමතිවරයා මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානින් මෙන්ම මාධ්‍යවේදින් විශාල ගණනක් ගමන් ගත් මේ සංහිදියා චාරිකාවේ වැදගත්කම ගැන කියන කිසිදු පුවතක් මෛත්‍රි පිලේ ප්‍රබල ධුරයක් හොබවන තිලංග සුමිතිපාල මහතාට හිමි ලක්බිම පුවත්පත මේ සංහිදියා චාරිකාවට එරෙහිව බරපතල වැරදි සහිත පුවතක් පළකර තිබුණි.
ඒ් නිමලසිරි එදිරිසිංහ නැමැති මාධ්‍යවේදියෙකු විසිනි.
දුම්රියේ ගමනට පහසුකම් මදි යැයි කියමින් නිමල්සිරි නැමැත්තා පොල්ගහවෙල දුම්රිය පලින් බැස ගිය අයෙකි.
කෙසේ වෙතත් මේ ගමනට සම්බන්ධව සිටි ලක්බිම පුවත් පතේ ප්‍රාදේශිය මාධ්‍යවේදින් 2 දෙනෙකු විසින් මේ ගමන ගැන සවිස්තරාත්මකව ලියු ලිපි 2 කක්ම ලක්බිම පුවත්පතේ පළනොකරන ලෙස බලපෑම් එල්ලවි තිබේ.මේ බලපෑම නිසා යහපාලන රජයේ අතිදැවැන්ත සංහිදියා චාරිකාවට තිලංග සුමතිපාල මහතාගේ පුවත්පතේ ඉඩක් නොලැබේ.