ජනපති මෛත්‍රි මඟහැර ඇමති නිමල් ලංසා, බැසිල් සමගින් ගියේ ඇයි ?

0
285

basi nimalයහපාලන රජයේ නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතා ගැන දේශපාලන ක්ෂේත්‍රය තුල පැතිර යන කතාබහවලදි බොහෝ විට කියැවෙන්නේ ඔහු දවල් මිගෙල් රැ දනියෙල් වර්ගයේ භාවිතාවක නියැලි සිටින බවය.
එනම් දහවලේ මෛත්‍රි සමගත් රාත්‍රියේදි මහින්ද සමගත් සිටින බවය.
ඒ අනුව යමින් පසුගිය කාලය තුල නියෝජ්‍ය ඇමතිවරයා  ක්‍රියාත්මක වුයේ හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සෙවනැල්ල මෙනි.
බැසිල් රාජපක්ෂ මහතාව පසුගිය දිනක මුල්‍ය අපරාධ වංචා ඒකකයට කැදවා තිබුණ අවස්ථාවේ ඔහු ට තනි රැක්කේද ඇමති නිමල් ලංසාය.
අද දිනයේ වෙන්නප්පුවේදි වු මේ සිදුවිමෙන් ඔහුගේ ඇති ඇත්ත පක්ෂපාතිත්වය යළිත් වරක් ප්‍රසිද්ධියේම ලකුණු වි තිබුණි.
එනම් වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැති වයඹ ඇමති සන්ධ්‍යා රාජපක්ෂ මහතාගේ මෑණියන්ගේ අවමංගල්‍ය උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණ තිබුණි.ඔහු පිළිගනිමින් ඒ ප්‍රදේශයේ දේශපාලකයන් කිපදෙනෙකුද  සිටියහ.
ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියෙන් පැය කාලකට පමණ පසු පැමිණි බැසිල් රාජපක්ෂ හා එකට පැමිණි අයෙකු විය.
ඒ නිමල් ලංසාය.
අරුන්දික ඇතුළ යහපාලන රජයේ ඇමතිවරු ජනාධිපති පිළිගැනිමට එක්ව සිටියදි එහි නොපැමිනි නියෝජ්‍ය ඇමති නිමල් ලංසා ඉන් විනාඩි 15 කට පමණ පසු පැමිණි බැසිල් රාජපක්ෂ හා එක්ව පැමිණ තිබුණි.
මේ මිතුරුදම විසින් කියා සිටින්නේ කුමක්ද ?