ජනපති සටන ජයගන්න ⁣, ජාතික ජනබලවේග  කාර්යාල  02 ක් මීගමුවට

0
245


එලඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් එම මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා නව මැතිවරණ කාර්යාල 02 ක්  ඊයේ එනම් 2024/08/23 වැනි සිකුරාදා දින සවස මීගමුවේදී විවෘත විය.
“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්, සහෝදරත්වයේ  ගමනක් ” යන  තේමා පාඨය මුල් කරගනිමින් මීගමුව  නගරයේ බස් නැවතුම්පොළ අසල,  ජූඩ් පෙදෙසේ මෙහි එක්  මැතිවරණ කාර්යාලයක් විවෘත විය. ” රට අනුරට ” යන තේමා පාඨය මුල් කර ගනිමින් අනෙක් මැතිවරණ කාර්යාලය විවෘත වූයේ, හලාවත – කොළඹ  පාරේ, මීගමුව, කුරණ ප්‍රදේශයේදීය.

මෙම නව මැතිවරණ කාර්යාල විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුයේ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සභික මහින්ද ජයසිංහ මහතායි. මෙම නව මැතිවරණ කාර්යාල විවෘත කිරීමෙන් අනතුරුව ඒ මහතා රැස්ව සිටි පිරිස අමතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ඉදිරි සැලසුම් සහ මෙහෙයුම් කටයුතු සිදුවන ආකාරය පිළිබඳව කෙටියෙන් පැහැදිලි කළේය. එලෙසම ඔහු රැස්ව සිටි පිරිස වෙත වැඩි දුරටත් ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එම පක්ෂයේ රට ගොඩනගන වැඩපිළිවෙළ  පිළිබඳව හැකිතාක් ග්‍රාමීය  මට්ටමේ ජනතාව දැනුවත් කල යුතු බවයි.ඒ සඳහා ජාතික ජන බලවේගයේ සියලු සාමාජික සාමාජිකාවන්ට එකට  එක්ව ඒ සඳහා දායක වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

මෙම නව මැතිවරණ කාර්යාල විවෘත කිරීමේ අවස්ථාවන්ට ජාතික ජන බලවේගයේ මීගමුව සහ කුරණ ප්‍රදේශයේ ග්‍රාමීය මෙන්ම ප්‍රාදේශීය සංවිධායකවරුන් ද එලෙසම එම පක්ෂයේ සාමාජික සාමාජිකාවන් පිරිසක්ද සහභාගි වූහ.