ජනපති සටන ජයගැනිමේ තිරාණාත්මක මෙහෙයුම රනිල් යටතට ! උතුරේ සහය හංස පෙරමුණට !

0
79

ranilජනපති සටනේ තිරාණාත්මක සාධකය වි තිබුනේ උතුරේ සහ නැගෙහිර ජනතාවගේ සහයයි. මේ වන තුරුත් ඒ සදහා ක්‍රියාකාරි වැඩපිළිවෙලක් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ තුලින් ක්‍රියාවට නැගි තිබුනේ නැත.
මේ පසුබිම තුල ජනපති සටන දිනවිමට ප්‍රබලම ඡන්ද මැෂිම ක්‍රියාත්මක කරවිමට මේ වන විට අගමැතිවරයා අතට ගෙන තිබේ
ඒ අනුව ඊයේ දිනයේ වව්නියාවෙත් යාපනයේත් විවිධ කණ්ඩායම් හමුවිමට අගමැතිවරයා කටයුතු කර තිබුණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර් 02 සෙනසුරාදා පෙරවරුවේ වවුනියාවේ සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේදී ව්‍යාපාරික හමුවකට සහ තරුණ හමුවකට මෙන්ම එදින සවස  අග්‍රාමාත්‍යවරයා සවස 2.00 ට මුතූර් හි ‘තෝපූර් ප්‍රාදේශීය සභා භූමියෙහි පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ ජන රැළියට සහභාගිව තිබුණ අතර
ඊයේ සවස 4.00 ට අග්‍රාමාත්‍යවරයා මන්නාරම පැවැත්වෙන ජන රැළිය ඇමැතීමෙන් අනතුරුව  සවස 6.00ට මනිපායි, ආනෛකෝට්ටෛ, කාවල්කාඩු හි සංවිධානය කොට ඇති රැස්වීමකට සහභාගි වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රාත්‍රී 8.00 ට යාපනයේ ව්‍යාපාරික ප්‍රජාව සමග සංවිධානය කර ඇති හමුවකටද සහභාගිව තිබුණි.

මේ අතර දෙමළ ජාතික සංධානය නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දීමට තිරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ප්‍රකාශය කරයි.

දෙමළ ජාතික සන්ධාන‍ය නියෝජනය කරන ප්‍රධානතම දේශපාලන පක්ෂය වන්නේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයයි.

ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකයින් අද (03) වවුනියාව පෞද්ගලික හෝටලයකදී එම පක්ෂයේ  උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා එම පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබුණි.

අග්‍රාමාත්‍යවරයා නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන සහ උතුරු පළාත් සංවර්ධන අමාත්‍යවරයාද වශයෙන් කටයුතු කරන අතර, එම ප්‍රදේශයන්හි නිවාස ඉදිකිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පසුගිය කාලය තුළදී ක්‍රියාත්මක කොට ඇති අතර, ඒ සඳහා උතුරු නැගෙනහිර පළාත්වල දේශපාලන නායකත්වයද සහභාගි කර ගෙන තිබේ.

නොවැම්බර් 03 වන ඉරිදා යාපනය නාග විහාරයේ ආගමික වතාවත් වලට සහභාගි වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පසුව කිලිනොච්චි, කයිට්ස්, චාවකච්චේරි, නෙල්ලිඅඩි සහ මනිපායි යන ප්‍රදේශවල පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ ජන රැළි ගණනාවක්ද ඇමැතීමට නියමිතව තිබුණි.