ජනපති සිරිසේනට මංගල ඇමති ඇස් රතුවෙන්න කියපු කථාව !

0
61
Mangala picජනපති හා එජාප අතර පැවැති හමුවකදි ජනාධිපති සිරිසෙන විසින් සිදුකරන්නට යෙදුන ප්‍රකාශයක් අරභයා මේ රටේ ප්‍රගතිශිලි ජනයා අතරද ජනාධිපති සිරිසේනට එරෙහිව ප්‍රබල විරෝධයක් මතුවෙමින් තිබේ.
එනම් විශ්වාස භංගය දෙමල ජාතික සන්ධානයේ සහයෙන් ජයගැනිමට එජාපයට හැකි බව එජාපය විසින් පෙන්වා දිමත් සමගින් කලබලයට පත්ව ඇති ජනාධිපතිවරයා විසින් කර ඇති ප්‍රකාශය ඇත්තට සමාන්‍ය භාෂාෙවන් කියන්නේ නම් පට්ට කුහක ප්‍රකාශයකි.
එනම්  ජනාධිපතිවරයා කෙලින්ම අගමැතිවරයාට පවසා ඇත්තේ ‘දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අල්ලගෙන ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා’ කියාය.

අගමැතිවරයා ඊට පිළිතුරු දීමට පෙර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊට පිළිතුරු ලබා දී ඇත්තේ බොහෝ දෙනාට අමතක වී ඇති ඉතිහාසය ද ජනාධිපතිවරයාට සිහිපත් කරවමිනි.
‘TNA එකත් එක්ක ගේම් ගහපු නිසා තමයි අද ඔබතුමා ඔය පුටුවෙ ඉන්නෙ. ගොඩක් අයට දැන් ඒ ඉතිහාසය අමතක වෙලා, එහෙම නැත්තං අමතක කරලා. ඔබතුමා දිනුවෙ උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවගේ බහුතර ඡන්ද නිසා. දෙමළ ජනතාව ඒ ගේම ගැහුවෙ නැත්තං, TNA එක සහයෝගය දුන්නෙ නැත්තං තාමත් මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති. එහෙම උනා නං ඔබතුමා ඉන්නෙ කොහෙද කියලවත් හිතාගන්න බෑ.’

ජනාධිපති සිරිසේන මංගල සමරවිර ඇමතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිඋත්තර නොබැද මගහැර ගොස් තිබුනේ පතොල් පිළිතුරක්ද ලබාදෙමින් බව වාර්ථා වේ.