ජනසභා ක්‍රමය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන වල ප්‍රසාදය

0
439

 
ජනසභා ක්‍රමය පිළිබඳව දිවයින පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීමේ රැස්වීමක් ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණි.
මෙම දැනුවත් කිරීම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සහ ජාතික ජනසභා ලේකම් කාර්‍යාලය එක්ව සංවිධානය කල අතර දිවයින පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 100කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී විය.
මෙහිදී ජාතික ජනසභා ලේකම් කාර්‍යාලය විසින් යෝජනා කර ඇති ජනසභා ක්‍රමය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රසාදය පලවූ අතර ජනසභා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යවන සහයෝගයන් ලබා දීමට ද එම සංවිධාන වල එකඟතාවය පලවිය.
මෙම දැනුවත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න මහතා, ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරන මහතා, ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් පාලිත ලිහිණියකුමාර මහතා ඇතුළු ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහභාගී විය.