ජනාකීර්ණ ප්‍රෙද්ශයක පොල්තෙල් උණුකිරීම වැනි ව්‍යාපාරයක් සිදුකළ හැකිද?

0
52

මීගමුව දළුපත සිරකදවුර පාරේ පිහිටා ඇති ඉන්ටසීට් වත්ත නමැති ප්‍රදේශයේ පවත්වාගෙන යන කඩල බදින ස්ථානයක්  පිළිබඳව ඒ අවට පදිංචි ජනතාව චෝදනා කරති. මෙම ප්‍රදේශයේ  පර්චස් 8-10ත් අතර ඉඩම් කොටස් ඇති අතර පුද්ගලික සමාගමක් විසින් ඉඩම් කොටස් කර ඇති අතර ඒවා මිළදී ගෙන පදංචි වී ඇති පිරිසක් මෙම ඉන්ටසීට් වත්තේ ජීවත්වෙති. වාර්තා වන ආකාරයට මෙම කඩල ව්‍යාපාරිකයා ද මෙම ප්‍රදේශයෙන් ඉඩම් කැබැල්ලක් මිළදී ගෙන ගොඩනැගිල්ලක් තනා එහි කඩල සෑදීම සහ පොල්තෙල් උණූකිරීම සිදුකරනු ලබයි. එසේ සිදුකිරීම සඳහා ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක් නොමැති වීම මෙම ප්‍රශ්න වලට මුල පුරා ඇති අතර ඔහු සිය ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ අල්ලපු ඉඩම් වලට මායිම් පිහිටන ආකාරයටය. අඩි 3 නේ නීතියට පිටුපා ඉදිකරවා ඇති  මෙම ගොඩනැගිල්ල හේතුවෙන් ඒ අසල පදංචිකරුවන්ට විවිධ බාධා හිරිහැර සිදුවෙන බව ඔවුන් පවසති. මේ සම්බන්ධයෙන්  මීගමුව මහ නගර සභාව දැනුවත්කර ඇති අතර. හිටපු නගරාධිපතිවරයා වද දැනුවත් කර ඇත. එමෙන්ම ප්‍රෙද්ශවාසීන් පිරිසක් ඔවුන්ගේ අත්සන් සහිතව ලිපියක් ද බාරදි තිබේ. ඔවුන් පවසන්නේ මෙම තෙල් උනුකිරීම නිසා අධික රස්නයක් පිටවන අතර හදිසි ගින්නක් ඇතිවුවහොත් අවට පදිංචිකරුවන් කරදර විය හැකි බවයි. මේ සම්බන්ධයෙන් මීගමුව නගර සභාවේ අදාළ බලධාරීන් තවමත් නිසි පියවරක් ගෙන නොමැති බව ප්‍රෙද්ශවාසීන් චෝදනා කරති.
IMG_9656IMG_9665IMG_9459