ජනාකීර්ණ ස්ථානවල වඩකඩ  සඳහා  ඉඩකඩ   දෙන්නේ  කවුද?

0
88

DSC_0212-1

මීගමුව  ප්‍රදේශයේ  ජනාකීර්ණ  ස්ථානවල  පවත්වාගෙන  යන   රොටි කඩ  සහ  වඩකඩ  නිසා  ඉතා  කරදරකාරී  තත්වයක්  නිර්මාණය  වන බව  ඒඒ  අදාල  ස්ථානවල  ප්‍රදේශවාසීන්    පවසති.  මේ  අනුව   පෙරියමුල්ල  හංදියෙන්  හැරී   ලාසරස්    පාරෙන්  පැමීණ  යෝනක  වීදිය  දිගේ  එනවිට  වැටෙන  (ඩිපෝ  පාර)  හංදිය  ඉදිරිපිට  පොදු  භූමියක  පවත්වාගෙන  යන  රොටි  කඩය  වසර  ගණනාවක්  තිස්සේ   පවත්වා ගෙන  යන්නකි.  මෙම  කඩය  මුලින්  පාර  අයිනේ  තිබුනද  දැන්  එය  මෙම  පොදු  බිම තුළ   පවත්වාගෙන  යයි.  මෙහි  කළින්  ග්‍රාම නිලධාරි  මහතාගේ  කාර්්‍යාලය  සඳහා  සහ  වෙනත්  පොදු  කටයුතු  කිහිපයක්  සඳහා  යොදාගෙන  තිබුනද   මෙම  භූමිය පිළිබඳව  නඩු  කටයුත්තක්  සිදුවන  අතරතුර   මෙම  කඩය  පවත්වාගෙන  යන්නේ  කෙසේදැයි  ප්‍රශ්ණයක්  ලෙස  පවතී. 

එමෙන්ම  ලාසරස්  පාරේ  සිට  පැමිණ  රසික් පරීඩ්  මාවත දිගේ  ඩිපෝ  පාරට  හැරෙන  තැන  ඇති  මෙවැනිම  කඩයක්  නිසා  පාරේ  යනඑන  වාහන  සහ  මගීන්  අපහසුතාවයට  පත්වන   බව  එම   ප්‍රදේශවාසීන්ගෙන්  අපට  තොරතුරු  ලැබීඇත.  මෙවැනි  තවත්  ස්ථාන  ජනතාව‍  අපහසුතාවයට  පත්වන  අයුරින්  පවත්වාගෙන  ගියද  මේ  සම්බන්ධව  අදාල  බලධාරීන්  ඒ පිළිබඳව  කිසිදු  පියවරක්  ගෙන නැත.  මේ  සම්බන්ධව    නියෝජ්‍ය  නගරාධිපති  වරයා  වන  පරිෂ්  මහතාගෙන්  ගෙන්  කරුණු  විමසූ අතර ඔහු පවසන්නේ  එවැනි කඩ අයිති පුද්ගලයින්ට  එම ව්‍යාපාර ඉවත්කරගන්නා ලෙස දැනුම් දී ඇති බවයි