ජනාධිපතිතුමා හා කැබිනට් මණ්ඩලය වෙනස් වුණා කියලා අපේ සමූපකාර සමිතියේ විශේෂ වෙනසක් සිදු වුනේ නැහැ

0
315

DSC04052මීගමුව පුරවරයේ විසූ මහා දානපති මුදලිදු E.A. රාජපක්ෂ මැතිදුන් සහ එවකට මහවීදිය දේවස්ථානයේ මීසම් පාලකව සිටි ගරු පෝල් M. ඇලෙක්ස් පියතුමාගේ පුරෝගාමිත්වයෙන් බිහිවූ මීගමු සමූපාකාර ව්‍යාපාරය මීගමු පුරවරය තුල ප්‍රතිස්ථාපනය වී මේ වන විට පුරා දශක 09ක කාලයක් ලෙවී ගොසිනි විවිධාකාරයේ හැල හැප්පීම් මැද වුවද අද වන විටත් මීගමු සමූපාකාරය මීගමුව බලප්‍රදේශය තුල සිය සේවා කටයුුතු අඛණ්ඩව කරගෙන යමින් සිටී.

1996 වසරේ මෙම සමූපකාර සමිතියේ සභාපතිවරයා බවට පත්වූ ඇන්ටනී ජෝශප් ස්ටැන්ලි මහතාද පුරා දශක දෙකක පමණ කාලයක් තිස්සේ මෙම සමූපාකාර සමිතියේ සභාපති ධූරයේ කටයුතු කරයි.

පසුගිය ජනවාරි 08වනදියින් පසුව රටේ සිදුවූ දේශපාලනමය වෙනස් වීම් හමුවේ රාජ්‍ය අනුග්‍රාහක සහ රජ්‍ය පාලනය තුල ක්‍රියාත්මක වන මීගමුව සමූපාකාර ව්‍යාපාරයේ වර්ථමානය සහ අනාගතය පිළිබද කතා කරන්නට අප එහි සභාපති ජෝශප් ස්ටැන්ලි ප්‍රනාන්දු මහතාට ආරාධනා කලෙමු. 1996 වසරේ සිට මේ දක්වාම සභාපති ධූරයේ කටයුතු කරමින් ඔහු පසුගිය මස එනම් 2015 ජුනි මස 30 වෙනි දාට අඛණ්ඩව සභාපතිධුරයේ කටයුතු කල 20 වසරක කාලය සම්පූර්ණ කලේය.

මේ ඔහු සමගින් පැවැත්වූ පිළිසදරේ සංක්ෂිප්තයකි.

පසුගිය ජනවාරි 08 වනදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව රටේ සිදුවූ දේශපාලනමය වෙනස් වීම හමුවේ මීගමු සමූපාකාර සමිතිය ත්‍රල සිදුවූ වෙනස්වීම් මොනවාද?

ජනාධිපතිතුමා හා කැබිනට් මණ්ඩලය වෙනස් වුණා කියලා අපේ සමූපකාර සමිතිය තුල එහෙම විශේෂ වෙනස්වීමක් නම් සිදු වුනේ නැහැ. අඩුමතරමින් පරිපාලනයෙන් හෝ එහෙම වෙනස් වීමක් සිදු වුනේ නැහැ. මොකද අපේ මේ සමූපකාර සමිතිය එක එක දේශපාලඥයින්ට අවශ්‍ය විදියට පාලනය කරන්න සභාපති හැටියට මම සහ මේ කාර්‍ය මණ්ඩලය කටයුතු කර නැහැ.

අනෙක මහා ආණ්ඩුව තමයි යම් වෙනස් වීමක් වුනේ. හැබැයි අපි පාලනය වන්නේ එහෙමත් නැතිනම් අපි සම්බන්ද වන්නේ බස්නාහිර පළාත් සභාවට. ඉතින් ජනවාරි 8 වනදායින් පසු බස්නාහිර පළාත් සභාවේ වෙනසක් වුනේ නැති නිසා සමූපකාර සමිතියෙත් එහෙම වෙනසක් වුනේ නැහැ. සභාපති විදියට මම කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේවත් පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකුගේවත් අණ පිළිපදින්නේ නැහැ. සමූපකාර සමිතියේ ඇති නීති රීති රෙගුලාසි අනුව තමයි කටයුතු කරන්නේ. හැබැයි දේශපාලඥයෙකු යම් ඉල්ලීමක් කල විට එය සිධාරණ නම් සමහර අවස්ථා වලදී සමිතියේ මහා සභාවේ  අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඇතිව විනිවිදභාවයකින් යුතුව එම ඉල්ලීම ඉටු කරන්න කටයුතු කර තිබෙනවා. එහෙම ඇරෙන්න මට කිසිම දේශපාලඥයෙකුගේ බලපෑම් එල්ල වෙලා නැහැ.

ඔබ මීට වසර 3කට 4කට පමණ පෙර මාධ්‍යයට ප්‍රසිද්ධව ප්‍රකාශ කර සිටියා ඔබ සභාපතිධුරයෙන් ඉල්ලා අස් වන බවට, එහෙම ප්‍රකාශයක් කරන්න හේතුව මොකක්ද?

ඔව් ඒ වෙලාවේ මම එහෙම තීරණ්‍යක හිටියා. මොකද මේ සමූපකාර සමිතියේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා අපේ අධ්‍යක්ෂක මණ්ඩලය කොටස් දෙකකට බෙදා තිබුණා. එවැනි තත්වයක් තුල මේ සමූපාකාරයේ යම් යම් හොද සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් යම් යම් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයකට පත්වුණා. මොකද අධ්‍යක්ෂක මණ්ඩලයේ කිහිප දෙනෙකු සභාපති ලෙස මා ගෙන එන යෝජනා වලට විරැද්ධව කටයුු කලා. ඒ අපේ හිටපු සාමාන්‍යාධිකාරීවරයාගේ බෙදීම තුල. ඒ නිසා මං ඉල්ලා අස් වෙන්න තීරණය කලා. එහෙත් මහා සභාව ඒකමතිකව තීරණය කලා මාව සභාපති හැටියට යලිත් පත් කරන්න.

ඒ අනුව මම මහා සභාවෙන් ඉල්ලීමක් කලා මාව යලිත් සභාපති වශයෙන් පත් කරනවා නම් මට හොද අධ්‍යක්ෂක මණ්ඩලයකුත් පත් කරලා දෙන්න කියලා. ඒ අනුව අපට හොද සැලසුම් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය තීරණ ගන්න මාව කකුලෙන් අදින්නේ නැති හොද විවිධ හැකියාවන් ඇති, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අධ්‍යක්ෂක මණ්ඩලයක් මට පත් කර දුන්නා. එමෙන්ම ඒ ප්‍රශ්ණඛාරී සාමාන්‍යාධිකාරිවරයාව තාවකාලිකව වැඩ තහනමකට ලක්කරා. මේ වන විට ඔහුට එරෙහිව සමූපකාර සේවක කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ නිසා සාමාන්‍යාධිකාරීවරයා වෙනුවට වෙනත් හොද සාමාන්‍යාධිකාරිවරයෙක් කොන්ත්‍රාත් පදනම මත අපි බදවාගෙන තිබෙනවා. ඒ නිසා දැන් කකුලෙන් ඇදිලි නැතිව විනිවිධභාවයකින් යුතුව සභාපති මටත් අධ්‍යක්ෂක මණ්ඩලයටත් ඒ අවශ්‍ය තීරණ ගන්න පසුබිමක් සමූපකාරය තුල නිර්මාණය වෙලා තියෙනවා.

1996 වසරේ සිට අඛණ්ඩවම වසර 20ක් ඔබ සම්පූර්ණ කරනවා වගේම, සභාපතිධූරයට 6 වතාවක් මහාසභා ජන්දයෙන් තේරී පත්වෙලා තියෙනවා. ඔබ සභාපතිව සිටි මේ කාලය තුල සමූපකාරය අද තිබෙන තත්වය ගැන ඔබට සෑහීමකට ත් වෙන්න පුළුවන්ද?

මම මෙහි සභාපති ලෙස මෙම සමූපාකාර සමිතියේ උන්නතිය හා දියුණුව වෙනුවෙන් විශාල කාර්‍යභාරයක් එදා සිට අද දක්වාම කරලා තියෙනවා. පුරා වසර 60කට වැඩි කාලයක් මීගමුව කෙළින් වීදියේ පිහිටි සමිතිය සතු භූමිය නිරවුල් කර ගැනීමටත් , එහි ලක්ෂ 100ක මුදලක්ග්‍රාමීය බැංකු ණයක් ලෙස ලබාගෙන එහි හොද ගොඩනැගිල්ලක් ඉදිකර එම ණයද ගෙවා අවසන් කරලා තියෙනවා.ඒ වගේම මෙම සමිති භූමිය තුල තිබුණ දිරාපත්ව කඩා වැටෙන්නට ආස්නව තිබූ පැරණි ගොඩනැගිල්ල නවීකරණය කලා. ඒක කලේ සමිතිය කරන ලද රක්ෂණයක් තුලින් ලද රු. ලක්ෂ 30කට වැඩි මුදලක් වෙනමම ගිණුමකට තැන්පත් කර එයින් ලද පොළිය සමග එම මුදල උපයෝගී කරගෙනයි.

අප බල ප්‍රදේශය ගත් විට ඉතා අඩු වපසරියක් සහිත ප්‍රදේශයක්. මීගමුව දළුපත සිට කටුනායක් 20 කණුව දක්වා අනෙක් පැත්තෙන් ඒත්තුකාල හංදියේ සිට සරක්කුව ප්‍රදේශය දක්වායි. මේ වපසරිය තුල අපේ අලෙවි ප්‍රාදේශික 32ක් තියෙනවා. ඉ් 6ක්ම මේ වන විටත් සුපිරි සැල් ලෙස නවීකරණය කරමින් සුපර්මාර්කට් සංකල්පය මල දියුණු තත්වයකට පත් කර තිබෙනවා. තලාහේන, කුරණ, පෙරියමුල්ල, පන්සලපාර, ලුවිස් පෙදෙස යන ප්‍රාදේශික එලෙස නවීකරණය කර තිබෙනවා. තවත් අලේ ප්‍රාදේශික 6ක් සුපර් මාර්කට් සංකල්පය මත මිනි කෝප් සිටි ලෙස නවීකරණය කර තිබෙනවා. විශේෂයෙන්ම නව ඩිජිටල් තරාදි, පරිඝණක හා දුරකථන පහසුකම් ලබා දී මෙම ප්‍රාදේශික නවීකරණය කර තිබෙනවා.

එලෙසම අප සමිතියට අයත් ග්‍රාමීය බැංකු ශාඛා 13න් 7ක් මේ වන විටත් නවීකරණය කර පරිඝණක පහසුකම් ලබා දී තිබෙනවා. ඒ වගේම අපේ අලෙවි ප්‍රාදේශික හා ග්‍රාමීය බැංකු පිහිටා ඇති එම ඉඩම් කිහිපයක් අපේ සමිතියට මිලදී ගෙන තිබෙනවා. තලාහේන, කඩොල්කැලේ, අළුත්කූරුව, බෝලවලාන, පන්සල පාර, සෙත්තප්පාඩුව එම ඉඩම් කිහිපයි.

එසේමයි පළාතේ හා දිස්ත්‍රික්කයේ ප්‍රජා සේවා තුලින්ද අපි වෙනත් සමූපකාර සමිති වලට වඩා ඉදිරියෙන් සිටිනවා.

මේ වසර 20ක සභාපතිධූරය හෙබවූ කාලය තුල අපි බොහෝ ජයග්‍රහණ අත්කරගෙන තියෙනවා. සෑම වසරකම ජාතික ඵලදායිතා සම්මානයද, ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිති කරගෙන පවත්වන හොදම සමූපකාරය තේරීමේ තරගයෙන් ජයග්‍රහණය ලබා තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ස බස්නාහිර පළාතේ හොදම සමූපකාර සමිතිය ලෙස පසුගිය වසර කිහිපයම ජයග්‍රහණ අත්කරගෙන තියෙනවා.මා මේ ප්‍රකාශ කලේ ජයග්‍රහණ කිහිපයක් පමණයි.

28000ක් පමණ වෙන අප සමිතියේ සමාජිකයන්ටත් මීගමුව ඇතුළු සමස්ථ පාරිභෝගික ජනතාවගේත් අවශ්‍යතා මෙන්ම බැංකු සේවා සහ ප්‍රජා සේවා කටයුතු වෙනුවෙන් අපි සමූපකාර සමිතියක් හැටියට විශාල දායකත්වයක්, සහයක් ලබාදී තිබෙනවා. ඒ නිසා මගේ මේ ගෙවුණු 20 වසඑක කාලය ගැන ඇත්තෙන්ම මට තෘපතිමත් ලෙස සතුටු විට හැකියි.

ඔබ ග්‍රාමීය බැංකු ගැන සදහන් කලා. සමස්ථයක් ලෙස ගත් විට සමූපකාර ග්‍රාමීය බැංකු මේ වන විට යම් ආකාරයක කඩා වැටීමක් තියෙනවා නේද?

ඇත්තටම ඒක කඩා වැටීමක් කියලා කියන්න බැහැ. මොකද රජයේ ආර්ථික ප්‍රථිපත්තියක් මත අවුරුදු 60 වැඩි අයට ජේ්‍යෂ්ඨ පුරවැසි ගිණු ම් හරහා 15% ක පොලියක් ගෙවන්න තීරණය කලා. ඒ ක නිසා අපිට හිටපු අවුරුදු 60 වැඩි ග්‍රාමීය බැංකු සාමාජිකයන් යම් ප්‍රමාණයක් අපෙන් ගිලිහුණා. ඕක තමයි ගැටළුවක් වුනේ. අපේ බැංකු වල ඉතුරුම් පොලිය වෙන්නේ 7.5% නමුත් රාජ්‍ය බැංකු වල 15%ක් ජේ්‍යෂ්ඨ පුරවැසියන්ට ගෙවනවා. ඒ නිසා අපේ ග්‍රාමීය බැංකු වලට බලවත් පාඩුවක් සිදුවෙනව තමයි. ඊට අමතරව අපේ බැංකු මගින් ලබා දේන පුද්ගල ඇප මත ණය සහ දේපල ඇප මත ලබාදෙන ණය වැනි අනෙකුත් බැංකු කටයුතු සාමාන්‍ය ලෙස පවත්වාගෙන යනවා.

ඉදිරි කාලයේදී සභාපති ලෙස මෙම සමූපාකාර සමිතියේ දියුණුව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නව සැලසුම් එහෙම තියෙනවාද?

අද වෙද් මේ සමූපකාර සමිතිය තුල සභාපති ලෙස නව සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකි ඉතා යහපත් පසුබිමක් මේ වන විට නිර්මාණය වෙලා තියෙනවා. මොකද පසුගිය නිලවරණයෙදී මට මහා සභාව මගින් විවිධ වූ ක්ෂේතු වල හොද පළපුරුදුකම් සහ අත්දැකීම් වලින් සමන්විත නව අධ්‍යක්ෂක මඩුල්ලක් ලබා දී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ අදහස් හා යෝජනෙ සැලකිල්ලට ගෙන සභාපති ලෙස අනාගත සැලසුම් කිහිපයක් මේ වන විට සකස් කර ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තවෙන්.

එම බලාපොරොත්තු වලින් ප්‍රමුඛතම කාර්‍යය වන්නේ දැනට මීගමුව කෙළින් වීදියේ පිහිටි අපගේ ප්‍රධානතම සුපිරි වෙලදසැලට තවත් වඩා වැඩි ඉඩ පහසුකම් සහිතව පාරිභෝගික බඩු භාණ්ඩ අලෙවි කටයුතු සදහා තවත් ගොඩනැගිල්ලක් ඊට යාව ඉදිකිරීමයි. එම නව ගොඩනැගිල්ලද පාරිභොගික සේවා සදහා ඉතා නුදුරේදීම භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම නව දෙමහල් ගොඩනැගිල්ල ඉදි කිරීමට ඇස්තමේන්තු ගත මුදල රු. ලක්ෂ 240ක් පමණ වෙනවා. ඒ වගේම අනෙකුත් අලෙවි ප්‍රාදේශිකයන්ද නව සුපිරි සැල් සහ මිණි කෝප් සිටි ලෙස නව තාක්ෂණික මෙවලම් සහිතව නවීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පරිඝණක පිළිබද දැනුමක් ඇති නව අධ්‍යක්ෂකවරුන්ගේ උපදේශකත්වය හා මග පෙන්වීම මත අපේ ග්‍රාමීය බුංකු සියල්ලන්ටම පරිඝණක පහසුකම් ලබා දී එම බැංකු පද්ධතියම පරිඝණක ජාලගතකිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. එවිට ග්‍රාමීය බැංකු සියල්ලම එක ස්ථානයක සිට මෙහෙයවීම සිදුකල හැකි වනවා. මේ පිළිබදව අපි මේ වන විටත් අන්තර්ජාල සබදතාවන් ලබා දෙන ආයතන 2ක් පිළිබදව සැලකිල්ලට ගෙන යම් සොයා බැලීමක් කරගෙන යනවා. වඩාත් හොදින් සේවාව සපයන්නේ කුමන ආයතනයද කියලා ස්ථීර වූ පසු මේ කාර්‍යය ඉතා ඉක්මනින්ම කරනවා. එමෙන්ම අපේ ග්‍රාමීය බැංකු සියල්ලම නගරයේ පිහිටි වෙනත් රාජ්‍ය සහ පෙෘද්ගලික බැංකු ලෙස පාරිභොදීගික ආකර්ෂණය දිනා ගැනීම සදහා නවීකරණය කර ඉතා හොද සහ කඩිනම් පාරිභොගික සේවාවක් ලබා දීමට සැලසුම් කර තියෙනවා.

අපේ සමූපකාරයට අයත් තෙල්වත්ත හංදියේ පිහිටි එකම ඉන්ධන හල සිපෙට්කෝ ආයතනය සමග එක්ව නවීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ සියළු නවීකරණ කටයුතු වලින් අප බලාපොරොත්තු වන්නේ අපේ සමූපකාර සමිතියේ සාමාජිකයන් ඇතුළු සමස්ථ මීගමුව ජනතාවට ඉතා හොද කාර්‍යක්ෂම සේවාවක් ලබා දීමත් විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ සුපිරි වෙළදසැල් හා බැංකු සමග තරගකාරී සේවාවක් ලබා දීමට කටයුතු කිරීමයි.

ඒත් එක්කම අප සමූපකාර සමිතියක් විදියට පසුගිය කාලය මුළුල්ලේම සිදුකල සමාජ සේවාමය කටයුුතු වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ආගමික සිද්ධස්ථාන, පාසල්, රෝහල්, වැනි පොදු ස්ථාන දියුණුවට හා නඩත්තුවට එලෙසම ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු වලට වඩා වැඩි දායකත්වයක් ඉදිරි කාලය තුලදී ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම තෝරාගත් මාතෘ හා ළමා සායන වලට සහභාගී වෙන ගැබිණි මව්වරුන්ට කිරි වීදුරුවක් ලබා දීම, අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ට 5 ශිෂ්්‍යත්වය , සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග කඩයිම් වලදී මුදල්මය ශිෂ්්‍යත්වයක් ප්‍රදානය කිරීම වැඩි කිරීමටද බලාපොරොත්තු වෙනවා. මේ විදියට විශාල මුදල් ප්‍රමාණයක් පරිත්‍යාගයන් වෙනුවෙන් අනාගතයේදී වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් මීගමුව සඹූපකාර සමිතියේ සාමාජිකයන් ඇතුළු සමස්ථ මීගමුව ජනතාවට ඔබට කියන්න යම් පණිවිඩයක් එහෙම තියෙනවද?

ඔව්, ඔබට අවශ්‍ය පාරිභෝගික බඩු භාණ්ඩ ඔබට හැකි සෑම විටකදීම අපේ සමූපකාර අලෙවිසැල් වලින්ම මිලදී ගැනීමට කටයුතු කරන්න. දැනට සුපිරි වෙලදසැල් වල ඇති භාණ්ඩ වලට වඩා වැඩි ගුණාත්මක නිශ්පාදන අපේ වෙලදසැල් වල තියෙනවා. ඒත් එක්කම එම සුපිරි වෙලදසැල් වලට වඩා ඉතාම අඩු මිලකට තත්වයෙන් උසස් අත්‍යාවශ්‍ය භාණ්ඩ අප වෙලද සැල් වල තියෙනවා.

එලෙසම ඔබේ බැංකු කටයුතුද සමූපකාර ග්‍රාමීය බැංකු මගින්ම සිදුකරගැනීමට වගබලාගන්න. අද නගරයේ පවතින පෞද්ගලික බැංක් වගේම නවීන තාක්ෂණික මෙවලම් මගින් ඔබට වඩාත් සරිලන බැකු සේවාවක් අප ශාඛාවන් වලදී ඔබට ඉටු කර ගැනීමට හැකියි.

මේ වන විට දේපල ණය මත මිලියනයක් දක්වාත්, පුද්ගල ඇප මත රු. 50 000ක් දක්වාත් ලබා ගැනීමට හැකියි. එමෙන්ම උකස් ණය ප්‍රදානයේදී සාමාජිකයන්ට පමණක් අය කර ගන්නා පොලියෙන් 1% ක් අඩුවෙන් ලබා ගැනීම, එලෙසම ළදරුවනට හා පාසල් සිසුන්ට බාලවයස්කාර ගිණූම් වැනි බැංකු කටයුතු අප ග්‍රාමීය බැංකු වලින්ම ඉටු කර ගැනීමට කටයුතු කරන්න මොකද මේ හැම දෙයකින්ම ලැබෙන සුළු හෝ ලාභයක් වර්ධනය වන්නේ ඔබේම සමූපකාරයයි. ඔබ විසින් ගොඩනැගූ ඔබම සාමාජිකත්වය දරණ ඔබේම ගමේ සමූපකාරයයි. මෙයින් ලබන සුළු හෝ ලාභයකින් ඔබේ ප්‍රදේශයේ සමාජ සේවාමය පොදු කටයුතු වලට අනුග්‍රහය මෙන්ම දායකත්වය ලැබෙනවා. ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන, පාසල් රෝහල් හා වෙනත් පොදු ගොඩනැගිලි සහ දේපල නඩත්තු කටයුතු වලට එලෙසම ප්‍රතිසංස්කරණ කටයුතු වලට මේ සමූපකාරයේ ලාභය භාවිතා වෙනවා. මේ හැම පරිත්‍යාගශීලී කටයුත්තක්ම සිදු කිරීමට පිළිවන් වෙන්නේ  අප සමූපකාර සමිතියේ අලෙවි සැල් සහ ග්‍රාමීය බැංකු වල පාරිභෝගිකයන් වුවහොත් පමණයි. එම නිසා සෑම විටම ඔබගේ පාරිභෝගික අවශ්‍යතා සමූපකාරය වෙතින්ම ඉටුකරගැනීමට සිත්හී තබා ගන්න.

තුෂාර රොහාන්
DSC03283