ජනාධිපතිතුමෙනි……නත්තලට කලින් අපේ සැමියන් නිදහස් කර දෙන්න

0
136

බහුදින යාත්‍රා වලින් ඕස්ට්‍රෙලියාවට යෑමට ගොස් අත්අඩංගුවට පත්ව දැනට සිරගතව සිටින  අයගේ පවුල් වල රැස්විමක් අද සවස 3 මීගමුවේ ජුබිලා ශාලාවේදි පැවැත්විණ.

ඉන් අනතුරුව විශේෂයෙන්ම මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාමකාමි විරෝධතාවක නියැලුන මේ පිරිස කඳුළු සලමින් පවසා සිටියේ එළඹෙන නත්තලට පෙර තමන්ගේ  ආදරණියයන් තම පවුල් වෙත නැවත එවන ලෙස ජනාධිපතිට දන්වා ලන ලෙසය.

ජිවත්විමට ඇති අපහසුව නිසා මේ ගමන ගියත් එය වැරදි බව තමන් පිළිගන්නා බවත් යළිත් කිසි දිනක මෙවන් වැරදි නොකරන බවට අපි සියල්ලෝම පෙොෙරාන්දු වන බවත් එක හඩින් පවසා සිටි සැම ඉන් අනතුරැව තමන්ගේ කඳුළු කතාව ඉකි ගසමින් මාධ්‍ය හමුවේ පැවසිය.

අපේ ගෙවල්වල කන්න නෑ දරැවෝ ඉස්කොලේ යවන්න බෑ. ගෙදර ලයිට් කපල දැන් මාසයක් වෙනවා අපි ඉන්නේ කරුවලේ බිල ගෙවාගන්න බෑ.

අද මේ ගමන එන්නවත් සල්ලි නෑ.ු

ඒ සැමට තිබුනේ  ඇඩු කඳුලෙන් කියන්නට එකම කථාවකි.

ඉරණවිල, තොඩුවාව ,කන්දකුලිය,සහ කොළඹ යන ප්‍රදේශවලින්ද මෙම අවස්ථාවට ඥාාතින් පැමිණ සිටි අතර මේ අයගේ මීළඟ උත්සාහය වන්නේ  මැල්කම් රංජිත් කාර්දිනල් හිමියන් මගින් ජනාධිපති හමුවි තමන්ගේ ඉල්ලිම් ඉදිරිපත් කරන්නටය.