ශ්රීලනිප මන්ත්රී කණ්ඩායම ඇතැමුන් මර බිය නිසාත්, තනතුරු හා වරප්රසාද බලාපොරොත්තුවෙන් යුතුවත් ‘පොහොට්ටුවේ’ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය පළකරමින් පොහොට්ටු වේදිකාවට ගොඩවීමට තීරණය කල ද, ජනාධිපතිවරයා ‘පොහොට්ටුවට’ කිසිඳු ආකාරයකින් සහය නොදීමේ ස්ථාවරයකට එළඹ ඇත.
ශ්රීලනිපය ගමනක අවසානය ……
ජනාධිපතිවරණයේදී ගතයුතු ක්රියාමාර්ගය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ජනාධිපතිවරයා පසුගිය 04දා ශ්රීලනිප ආසන සංවිධායකයින් කැඳවා අවසානයේදී සිදු කළ මත විමසීමේදී සංවිධායකින් දෙදෙනෙකු හැර අන් සියලු දෙනාම ‘පොහොට්ටුව’ සමග සන්ධානගතවීමට විරෝධය පළකර තිබිණ.
ජනාධිපතිවරයා ග්රාමීය මට්ටමේ පාක්ෂිකයන්ගේ අදහස් විමසීමේදී බහුතර මතය පළවී ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී පොහොට්ටුව ලකුණ යටතේ සහාය දැක්වුවහොත් එය ශ්රීලනිපයේ අවසානය විය හැකි බවයි.
theleader.lk