







මීගමුව තෙල්වත්ත හන්දියේ අරගල බිම අද 56 වන දිනටද පිවිස ඇත . මේ
කැපකිරීම් කන්දක ප්‍රතිඵලයයි . අපි පවතින අවධානම් සියල්ල දරාගෙන සියළු ජනතාවගේ අනාගත සිහින සැබෑකරලීමට මැදිහත්වී සිටිමු. පාලකයෝ දිනෙන් දින ජනතාවගේ
බෙල්ල හිර කරමින් සිටිති .
පීඩාවට පත් ජනතාව වෙනුවෙන් අරගලය පමණක් බව අවබෝධ කරගත් පිරිස ක්‍රමයෙන් අප සමග එක්වෙමින් අරගලය මුවහත් කරති . එබැවින් තෙල්වත්ත හන්දියේ අරගල භූමිය විවිධ ක්‍රියාකාරකම් මත ඉදිරියට ගමන් කරමින් සිටිති .
ඊයේ අපේ සොයුරන් පරාටා හදමින් රාත්‍රි ආහාරය සූදානම් කරන ආකාරයයි මෙහි දැක්වෙන පින්තූර වල දැක්වෙන්නේ .
අරගල භූමියේ කටයුතු පහසු කිරීමට එය ඉමහත් පිටුවහලකි.
මෙකී කටයුතු තව තවත් දියුණු කර ගතහැක්කේ ඔබ සියළු දෙනා ලබාදෙන උදව් උපකාර මතය.
අපි දිවි පරදුවට තබා සටන් කරමු.
ජනතාවෙනි !
අරගලයට එකතු වනවා සේම , එ් සඳහා අරගල බිම නඩත්තු කරගෙන යාමට ඔබේ සහයෝගය ලබාදෙන්න.
සැම්සන් ඥානසිරි