ජන සභා වැඩෙන් ග්‍රාමිය සංවර්ධනය ගොඩ යයි ද ? අශෝක ප්‍රියන්තලා යට යයිද ?

0
597

ගෝල්ෆේස් අරගල භුමිය තුලදි යෝජනා වි තිබුනේ ජන සභා පිළිබද සංකල්පය පදනම් කොට ගනමින් රජය විසින් දැනටමත් ක්‍රියාත්මක කිරිම ආරම්භ කර ඇති ජනසභා වැඩසටහන ගැන සාකච්ජාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදි පැවැත්විණි.

ගමේ සංවර්ධනය  ස්වාධින ආකාරයකින් ක්‍රියාත්මක කිරිම අරමුණු කොට ගත් ජන සභා වැඩ පිළිවෙල තුලදි  ගමේ මන්ත්‍රිවරයාගේ භුමිකාව පිළිබදව දැනටමත් කණස්සල්ලට පත්ව පත්ව සිටින ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මන්ත්‍රිලාටත් ජනසභා ක්‍රමය තුල භුමිකාවක් තිබිය යුතු යැයි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත අදහස් දක්වා තිබුන බව චැතම් ස්ට්‍රිට් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.
ජනසභා වැඩසටහනේ නියමුවා ලෙසින් ක්‍රියාත්මක වන හිටපු කථානායක කරු ජයසුරිය මෙහිදි අවධාරණය කර  තිබුනේ ජනසභා දේශපාලන මැදිහත්විම් වලින් තොර එකක් විය යුතු බවය.

අශෝක ප්‍රියන්තලා ජනසභා වලට බියවි ඇත්තේ තමන්  රාජපක්ෂ සමයේ කරගෙන වැලි හැරිල්ල මින්ස පසු කරගෙන යැමට බැරි නිසා විය යුතු යැයි අප මේ සම්බන්ධයෙන් කළ විමසුමකදි නාත්තන්ඩිය ප්‍රදේශයේ අයෙකු කියා සිටියේය