ජයලලිතාට එහෙම වුනත් ලංසලාට ලංකාවේදි එහෙම වෙන්නේ නෑ?

0
50

mada lipi”මේ තීන්දුව කාගේත් ඇස් ඇරුණු තීන්දුවක්. නිලය බලය පාවිච්චි කරලා අයුතු ලෙස ධනය රැස්කිරීමයි ඇයට තිබුණු චෝදනාව. අපේ රටේ පේනතෙක් මානෙක එහෙම තීන්දුවක් එයි කියලා හිතාගන්න බෑ. වැරදිකරු වෙන්නේ නිලධාරීන් විතරයි. මේක කනගාටුදායක තත්වයක්. කියමනක් තියනවා මිටි තැනින් විතරයි වතුර යන්නේ කියලා. මේ කියමන ලංකාවේ විතරයි තියෙන්නේ.

ලංකාවේ කිසිම දේශපාලනඥයෙක් මෙවැනි වැරදිවලට වරදකරු වෙලා නෑ. මට හිතෙන්නේ ඉදිරියට වෙන්නෙත් නැති වෙයි කියලා. ඒ වුනාට අල්ලස් කොමිසම කියනවා එවැනි දේශපානඥයින් පිළිබඳ පැමිණිලි ලැබිලා තියෙනවා කියලා.” යැයි තමිල්නාඩුවේ  හිටපු මහ ඇමතිවරිය වසර හතරකට සිරගත කිරීම සම්බන්ධයෙන් හා ලංකාවේ එවැනි ආදර්ශයක් දූෂිත දේශපාලනඥයින් සම්බන්ධයෙන් සිදු නොවීම පිළිබඳව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පසුගියදා පැවැති උත්සව අවස්ථාවකට සම්බන්ධ වෙමින් ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තු මන්ති විදුර වික්‍රමනායක මහතාගේ මෙම ප්‍රකාශය අපි පසුගිය කාලය තුල මීගමුවේ දේශපාලකයන් දෙදෙනෙකු විසින් ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය ඔස්සේ එකිනෙකාට එරෙහිව සිදුකරගන්නට යෙදුන මඩ ප්‍රහාරයන්ට පාදකව ඇති වංචා හා දූෂණ පිළිබදව පැහැදිලි පුළුල් පරික්ෂණයක් සිදුකරන්නේ නම් මේ අය විසින්  අයථා ලෙසින් හම්බ කරගෙන ඇති කෝටි ගණන් වු මුදල් සහ අනෙකුත් දෑ සම්බන්ධයෙන් ඇතමෙකු ජිවිතාන්තය දක්වා සිරගත කරන්නට තරම් හේතුපාදන වන්නේ මේ අය දේශපාලනයට එද්දි තමන්ට තිබුණ දැ ගැන දෙදෙනා විසින්ම එකිනෙකාට ඇගිල්ල දිග්කර ගැනිමේදිය.
ඇමති ලංසා ඇමති සරත් ගුණරත්න ගැන කියන්නේ ඔහු සපත්තු වෙළෙන්දෙකු බවය.එසේම සරත් ගුණරත්න කියන්නේ නිමල් ලංසා පාවහන් පැළද මීගමුවේ යතුරු පැදියකින් එහෙ මෙහෙ සැරි සැරු අයෙකු බවය.
දැන් මේ දෙදෙනාගේ  ඇත්ත අදායම් සහ වත්කම් ඇත්තටම දන්නේ කව්ද ?
එකක් නම් මීගමුවේ පමණක් නොව රටේම ජනයා දනිති. කෙටි කලක් තුල ආණ්ඩු පක්ෂ දේශපාලනයට පැමිණ කෝටි ප්‍ර කෝටි ගණන් මුදල් උපයා ඇති තැනැත්තා ලෙසින් දැනට කප් ගසා ඇත්තේ නිමල් ලංසාය.
එපමණක් නොව ඥාති සංග්‍රහය වෙනුවෙන් මීගමුවේ පොදු දේපල කිසිදු හිරිකිතයකින් තොරව තම පියාගේ බුදල් බවට පත් කර තිබිමේ හේතුවද මුලකරගනිමිනි.
බිච් පාක් එකෙන් පමණක් ලක්ෂ ගානක මුදලක් මාසිකව හම්බ කරති.
එමෙන්ම නගර සභාව වෙත ලැබුණු ලක්ෂ 450 කට ආසන්න මුදලක් කොටුව පිට්ටනියේ මාළු වෙළද පොල වැල්ලිවිදියේ පල්ලියද රවටා සිය පියාට හිතුමතේ මුදල් හම්බකරගැනිමට  ඉඩ සලසා ඇත.
මේ පොදු දේපල කොල්ලයේ අළුත්ම කථාව වන්නේ බිච් පාක් එක අසල වැඩ නිමවෙමින් ඇති Negombo water Parkඑකද සිය පියාවෙතම ලබාදිම තුලිනි.
වසර ගණනක් මුළුල්ලේ මෙසේ හම්බකරගත් කළු සල්ලි දැන් තැන ආයෝජනය කරන්නට පටන් ගෙනය.
මේ එකක් පමණක් නිදසුනක් ලෙස දැක්විම ප්‍රමාණවනත් වන්නේ ඉතිහාසය පුරාවට හම්බකරගෙන ඇති මුදල් ගැන නොදන්නා අයවෙත දැනග්නනට ඉඟියක් ලෙසිනි.
මේ දිනවල කොළඹ මීගමුව පාරේ කුරණ කලපුවට යාබදව දැවැත්ත සුපිරි උත්සව ශාලවක් ඉදිවෙමින් තිබේ.
එහි ඇස්තමේන්තු ගත වියදම පමණක් රු කෝටි 35000 ක් යැයි කියැවේ.
ඇමති නිමල් ලංසාගේ මේ කුප්‍රකට දැ එසේ තිබියදි ඔහු විසින් ඇමති සරත් ගුණරත්න පිළිබදව පවසා තිබෙන්නේ ඇමති සරත්ට බාර් ඇති බවය.පුතා වැලි වලක් හාරා ඇතිබවය.
ගුවන්තොටේ හයර් උස්සන බවය.බිරිඳටත් කුළි රථ සමාගමක් ඇතිබවය.