ජයවීර සහ දායන් ලංසා යළිත් එක් කළේ පුස්තකාල ගොඩනැගිල්ලද ?

0
63

jayaweera 1මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර සහ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා අතර කලක පටන් පැවැති විරසකය මේ දිනවල යම් පමණකට සමහන් වෙමින් පවතින බවට රාවයක් නගර සභාව තුල පැතිර යමින් තිබේ.
මෙයට හේතුව ලෙසින් ඇතමෙක්  පවසා සිටින්නේ මීගමුව නගර සභා භුමිය තුල ඉදිකරන්නට යන නවින පන්නයේ  සුපිරි පුස්තකාල ගොඩනැලිල්ලේ ටෙන්ඩර කටයුත්ත සහ ඒ හා බැදුන තවත් කාරණා විය හැකි බවයි .
මෙහි කොන්ත්‍රාත්තුව හිමිව ඇත්තේ මීගමුව රාජපක්ෂ උද්‍යානයේ ඉදිකිරිම් සිදුකළ ඩග්ලස් නැමැත්තෙකු හට බව කියැවේ.
මොහු වෙත කොන්ත්‍රාත්තුව ලබාදිම සදහා ඇතැම් ඉල්ලුම්කරුවන් හරවා යැවු බවටද මීගමුවේ මහනගර සභාවේ ඇතැම්  නිළධාරින් හට මේ වන විටත් චෝදනා එල්ලවි පවති.