ජර්මන් දරුවාට ජීවිත අහිමි කළ හෝටලය අනාරක්ෂිතයි?

0
83
සිද්ධිය වු සංචාරක නිකේතනය
සිද්ධිය වු සංචාරක නිකේතනය
සිද්ධිය වු සංචාරක නිකේතනය
සිද්ධිය වු සංචාරක නිකේතනය

IMG-20160714-WA0001

වයික්කාල ප්‍රදේශයේ පිහිටි සංචාරක නිවාඩු නිකේතනයකදී  පසුගිය 13 වන දින රාත්‍රී 8.00ට  ජර්මන් ජාතික කුඩා ලමයෙකු හට විදූලි සැර වැදී මියගියේය.
මෙසේ මිය ගියේ ජර්මන් ජාතික යුවලකගේ වසර එකහමාරක් වයසැති කුඩා පිරිමි දරුවෙකි. මොවුන් මෙරටේ සංචාරයක් සදහා පසුගිය 11 වනදා තවත් ජර්මන් ජාතික කණ්ඩායමක් සමගින්  පැමිණි වයික්කාල කම්මල ප්‍රෙද්ශයේ තරු පංති හෝටලයක නවාතැන් ගෙන තිබේ.
ජූලි 13 වනදා රාත්‍රිෙය්දී මෙම යුවල  යුවල ඇතුළු පිරිස ආහාර ගනිමින් සිටියදී මිය ගිය කුඩා ළමයා  හොටලයේ බිම සවිකර තිබු අලංකරන විදූලි බල්බයක් ඇල්ලිමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී  විදූලි සැර වැදි ඇති අතර දරුවා ඒ හේතුවෙන් මියයන ලදී. මේ සම්බන්ධව සිදුකළ පරීක්ෂණ වලදී , හෙළිවී ඇත්තේ
හෝටලයේ බිම සවිකර තිබු විලි බුබුලු වලින් විදූලිය කාන්දූ වි ඇති බවත් එම හෝටලයේ ප්‍රධාන විදූලි පරිපතය විදූලි කාන්දූ විමකදී ආරක්ෂා කාරි ලෙස ක්‍රියා නොකර තිබු බවට වෙන්න්ප්පුව පොලීසියේ පරීක්ෂණ සනාථ කරයි.
ජර්මන් ජාතික කුඩා ලමයාව විදූලි සැර වැදීමෙන් පසු දංකොටුව රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරන අතර පශ්චාත් මරණ පරික්ෂනය සදහා මෘත ශරිරය ඊයේ 14 මිගමුව රෝහලට රැගෙන ආ පසු මිගමුව රෝහලේ ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එම් එන් රුහුල් හක් මහතා පශ්චාත් මරණ පරික්ෂනය කිරිමෙන් පසු විදූලි සැර වැදිමකින් මිය ගොස් ඇති බවට නිගමනය කර තිබේ.
සිද්ධිය පිළිබද වෙනනප්පුව පොලිසියේ උප පොලිස් පරික්ෂක ගාමිණි රාජපක්ෂ මහතා ඇතුළු නිළධාරි පිරිසක් වැඩි දූර පරික්ෂන පවත්වයි.

ප්‍රියප්‍රේම මාණික්කරත්න