ජලයටත් හොඳ මිළක් ! ජලඇමතිගෙන් ඉඟියක්!

0
63

vasuළඟදීම ජල බිල්පත් වැඩි කරන බවත් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන අමාත්‍යංශයේ අද (05) පැවැති මාධ්‍ය හමුවක දී අවධාරණය කර තිබේ.

සෑම වසර තුනකටම වරක් ජල බිල වැඩි කළ යුතු නමුත් ඉකුත් වසර 06 තුළදීම ජල බිල වැඩි කර නැතැයිද වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රකාශ කර ඇත.

ජලය ඒකක 25ට වඩා වැඩියෙන් භාවිතා කරන අයට මෙතෙක් අය කරනු ලැබුයේ මුල් ඒකක 25ට සහන මිලක්ද ඊට වැඩිවන ප‍්‍රමාණයට ඒකකයක් සඳහා රුපියල් 50ක්ද වශයෙන් වුවත් නව මිලගණන් යටතේ මුල් ඒකකයේ සිට වැඩි මිලක් ගෙවන්නට සිදුවනු ඇතැයිද වාසුදේව නානායක්කාර මහතා කියා පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් මුල් ඒකක 15ට සහන මිලයක් ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
නව රජය බලයට පත්විමත් සමගින් ඉහල යන  භාණ්ඩ මිළ ගැන විග්‍රහ කරන්නට මැති ඇමැත්තන් පුරුදුව සිටින්නේ අදාල භාණ්ඩයට හොඳ මිළක් යනුවෙනි.
ඒ තියරියට අනුව ජලයටත් හොඳ මිළක් ලැබෙන ලකුණු දැන් පහල වෙමින් තිබේ.