ජල පොම්පාගාරයෙන් නිවැසියන්ට කරදර..?

0
143

පසුගිය  අප්‍රෙල් 11 සහ 12 වන දිනයන්හි මීපුරට නෙත ගැටුන කරුණක්වුයේ  මිගමුව සෝන්ඩරස් පාරේ ඇති ජල සම්පාදන මණ්ඩලයට අයත් වැබ බිමෙන් මාර්ගයට ජලය ගලා එන ආකාරයකි
මෙම කරුණ ගැන විමසිම්දි මෙම වැඩ බිමට ඉදිරිපස නිවසේ  පදිංචි එ. පි  පෙරේරා මහතා සදහන් කරමින්  සිටියේ මෙම ජල ගබඩා ටැංකියෙන් ජලය උතුරා යන අවස්ථාව සහ ජල ටැංකිය පිරිසිදු කිරිම සිදුවන අවස්තාවන්හි එක දිගට දින ගණන් ගලන ජලය නිසා කාණූ පද්ධතියක් නොමැති හෙයින් අවට ඉඩම් වලත් මාර්ගය පුරාත් ජලය රැදිම සිදුවන බවයි එමෙන්ම අවට නිවෙස් වල තාප්ප මෙම ජලය නිසා කඩා වැටේදැයි බියක්ද පවති නිලධාරින් කඩිනමින් කාණු පද්දතියක් සැදිය යුතුවේ.
අනෙක් කරුණ නම් මෙම ජලය  රැස්කරන පොම්පගාරයෙ විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක විමෙදි ඇතිවන ශබ්ද හඩ මෙම කරුණ සම්බන්දව මධ්‍යම පරිසර අධිකාරි කාර්යාලයට  සොන්ඩර්ස් පාරේ අංක34 දරන නිවසේ පදිංචි පි එස්  සි නෝනිස් මහතා සහ අවට නිවස හිමියන් ගේ අත්සනින් යුතව 2012 -08- 25 වන දින සහ පසුව ඔවුන් වෙත පරිසර අධිකාරිය මගින්  යැවු ලිපියෙහි අනු පිටපතක්ද මෙහි පලවේ බලධාරින් මෙම කරුණ සම්බන්ධවද අවධානය යොමුකල යුතුවේ.

munier 1munier 3munier 4munier 5සටහන සහ ඡායා රුපයන්
සුජාඉල් මුනිර්             12-04-2014