spot_img
spot_img
spot_img
spot_img
Sunday, April 20, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Editor's Choice ජවිපෙන් අනුර !

ජවිපෙන් අනුර !

0
120
61518_anura-kumara--11-copyජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සිය අපේක්ෂකයා ලෙස මීළඟ ජනාධිපතිවරණයට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.ජවිපෙ ප්‍රමුඛව පිහිටවූ පාතික ජන බලවේගය සංවිධානය ජූලි 30 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා තිබුණේ අගෝස්තු 18 වැනිදා පවත්වන ජාතික ජන බලවේගයේ සමුළුවකදී ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි ප්‍රකාශයට පත්කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ මීළඟ ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 වැනි සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා දිනයක් වෙන් කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බවත්, එය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ඉන්පසුව ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් එම කණ්ඩායමේ අදහස වී තිබේ.

(අනිද්දා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here