ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවෙක් මිගමුව පළඟතුරේදි අත්අඩංගුවට ……

0
128

eight_col_66331131_mlමිගමුව දැන් වඩාත් වේගයෙන් ප්‍රචලිත වෙමින් ඇත්තේ මත්කුඩු පිළිබදවය.ලංකාවේ බන්ධනාගරයක් තුල සිට සුපිරි මත්කුඩු බෙදාහැරිමේ මෙහෙයුම් ක්‍රියාත්මක තිබුනේද මිගමුවේ සිටය.
දැන් ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවෝද මිගමුවේදි අත්අඩංගුවට ගැනෙමින් තිබේ.

පසුගියදා යේමනයේ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරට රැදී සිටි එක්සත් එමීර් රාජ්‍යයේ පුරවැසියකු වන ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු මීගමුව පළගතුරේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය පෙරේදා (25) සමත්ව තිබුණි.
මේ පුද්ගලයා ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ සිට මෙරට රැදී සිටින බවත් ඔහුට ලබන ජූනි 14 වැනිදා දක්වා මෙරට රැදී සිටීමට වලංගු වීසා තිබෙන බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයි දිණමිණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

එහෙත් ඔහු මෙරට රැඳී සිටීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නැත. විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ ඔහු මෙරට රැඳී සිටිමින් ජාත්‍යන්තර මත්කුඩු ජාලය මෙහෙයවන බවයැයි විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් දිනමිණට පවසා තිබුණි.

මේ පුද්ගලයා සතුව ජංගම දුරකතන 05ක්ද ලැප්ටොප් 02ක්ද තිබී ඇත. ඊට අමතරව මත්කුඩුවල බර පරීක්ෂා කිරීමට යොදා ගන්නා තරාදියක්ද ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේ තිබී සොයාගෙන තිබේ.ලැප්ටොප් පරිගණක පරීක්ෂා කිරීමේදී මත්කුඩු තොග සඟවා තබා ඇති ඡායාරූප ගොන්නක්ම එහි තිබී හමුවී ඇත. විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ මොහු විසින් ලබාදෙන උපදෙස්වලට අනුව මත්කුඩු සඟවා ඔහුගේ ජාලයට සම්බන්ධ පුද්ගලයන් එම ඡායාරූප ඔහුට අන්තර්ජාලය ඔස්සේ එවා ඇති බවය. එම මත්කුඩු සඟවා ඇත්තේ මෙරට ස්ථානවල නොව, වෙනත් රටවල බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මේ සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඒ තුළ වෙනත් පුද්ගලයන්ට අයත් ක්‍රෙඩිඩ් කාඩ්වල ඡායාරූප සහ එම කාඩ්පත්වල රහස් අංක ඇතුළු දත්තද ගබඩා කර තිබී හමුවී තිබේ..
මේ අතර සමඟි බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන හිටපු ඇමති රන්ජන් රාමනායක පසුගියදා කියා තිබුනේ මත්කුඩු ජාවාරමේ යෙදෙන දෙදෙනෙකුද පාර්ලිමේන්තුවේ සිටින බවත් ඉන් එක් අයෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ බවත්ය.