ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පාලනයත් ටැක්සිකාරයන්ට..?

0
87

taxiපච්චයක් කෙටු කත පිළිබදව බුද්ධාලම්භන ප්‍රිතිය ඉහවහා ගිය ටැක්සිකාරයන් පිරිසක් නිසා දැන් රටම අපකිර්තියට පත්ව තත්වයක් මතුව තිබෙනවා පමණක් නොව මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආර්ථික තුරුම්පුව වු සංචාරක ව්‍යාපාරය දකුණේ පමණක් නොව බස්නාහිරත් අර්බුදයට ගෙන ගොස් තිබේ.
මාධ්‍ය වලට ඉදිරිපත් කර තිබුණු කරුණු අනුව බුදුරුව සහිත පච්චය කොටා තිබුණු විදේශිය කත ගැන ප්‍රශ්ණ අසා පොලිසියට භාර දි ඇත්තේ ආගමන විගමන නිළධාරින් නොවේ. කටුනායක ටැක්සි රියදුරන් පිරිසකි.
ඒ අනුව ක්‍රියාත්මක වු පොලිසියද ටැක්සිකාරයන්ට එහා යමින්  ආගමන විගමන නීතිය ක්‍රියාත්මක කරන්නට ගොස් රටත් සංවාරක කර්මාන්තයත්  වල පල්ලට යවන්නට කටයුතු කර තිබේ.
බුද්ධාගමට ඇති භක්තිය නිසා බුදුන්ගේ රැවක් බාහුවක කෙටිම බුදුන්ට ගැරහිමක් ලෙසින් දකින ටැක්සිකාරයන්ට සහ පොලිස් කාරයන්ට බුදු පුතෙකුට පහර දෙන්නට කහසිවුරු පොරවාගත් මැරයන් බදු මාරසේනා පසුගිය කාලය තුල සිදුකරන්නට යෙදුන නිගාව නිකමටවත් පෙනුනේ නැත,
අතිතයේ කිතුණුවන් විශාල පිරිසක් ජේසුතුමන්ගේ මෙන්ම මරිය තුමියගේද අනෙකුත් සාන්තුවරයන්ගේද රුපය තමන්ගේ සිරුරේ පච්චයක් ලෙසින් කොටා තිබුනේ සිය භක්තිය නිසාවෙනි.
පිටුවහල් කළ විදේශිය කත කිවේද එවැන්නකි.
එහෙත් ඇගේ පිටුවහල් කිරිම හා බැදුන තවත් බොහෝ දැ නිසා බුදු රුව නිසා නිගාවක් වුයේ යැයි කියන පොලිසිය සහ ටැක්සිකාරයන් පමණක් නොව හිරගෙදර වැඩ කරන සේවකයන්ද එම කතගෙන් මුදල් පමණක් නොව ඇගද ඉල්ලා ඇති නිසා මේ රට බුදු ගුණයෙන් නොව අනෙක් සකලාකාර අවගුණයන්ගෙන් නැහැවි යමින් තිබෙන අයුරු ඉදිරි දින කිපය තුල ලෝකය පුරාම නොමිලේම ප්‍රචාරයක් ලැබෙනු ඇත.
කල් ගොස් හෝ මෙහි ආදිනව දැනගත් සංවාරක මණ්ඩලයේ නිළධාරින් පසුව මේ කතට පවසා තිබුනේ යළිත් ලංකාවට පැමිණිම සදහා අවශ්‍ය මුදල් දිමට පවා කටයුතු කලහැකිබවය.එහෙත් දැන් ප්‍රමාද වැඩිය.
වලන් කාරයන්ගේ අවුරුද්දක වැඩ පොලු කාරයන්ට එක දවසක් යැයි කියමනක් ඇත.
කුම්බලා මාළු කෑවා නම් දුක්විඳපන් බළලෝ යැයිද තවත් කියමනකි.