ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සමරණ සෙත්සරණ කරිටාස් ආයතනය.

0
162

wellawidiya 4wellawidiya 3මීගමුව  වැල්ලවීදිය   ශාන්ත අන්තෝනි    දේවස්ථානයේදී   අද(6 )  සුවිශේෂී   වැඩසටහනක්  පැවැත්වේ.  සෙත්සරණ  කරිටාස්  ආයතනය  විසින්  සූදානම්  කර  තිබූ  මෙම  වැඩසටහන  සඳහා   1000 ක  පමණ  විශාල  පිරිසකගේ  සහභාගීත්වයෙන්  සිදුවිය.
ප්‍රථමයෙන්ම   මෙදින  ප්‍රධාන  අමුත්තා  වූ  හැරල්ඩ්  ඇනතනි   හිමිපාණන්  විසින්  පීත්තපටියක්  කපා   වැඩසටහන   විවෘත  කළ  පසු  ප්‍රධාන  ආරාධිත  අමුත්තා  ඇතුළු  සහභාගීවූ  ආරාධිතයින්  විසින්  පොල්තෙල්  පහන  දල්වමින්  උත්සවයේ  කටයුතු  ආරම්භ  කරන ලදී.  මීගමුව  ප්‍රදේශයේ  පමණක්  නොව  ජාඇල,  තුඩැල්ල  වැනි  ප්‍රදේශ වලිනුත්   ජනතාව   සහභාගී විය.  මෙදින  ප්‍රදර්ශණයක්ද  පැවැත්වූ   අතර  මේ  සඳහා   විවිධ  අංශ  නියෝජනය  කරමින්   අලංකාර  කුටි  නිර්මාණය  කර  තිබින.wellawidiya 2wellawidiya 1
මෙම  කුටි  අතර  අනතර්  ආගමික  සංහිඳියාව  පිළිබඳවත්,    රාජ්‍ය  සහ  රාජ්‍ය  නොවන  ආයතනවල  අරමුණු  සහ  අවශ්‍යතා  පිළිබඳවත්  නිරූපනය  වන  ඡායාරූපද  ප්‍රදර්ශනය  විය.    එමෙන්ම   ආන්තික   ජනකොටස්  උදෙසා  ඔවුන්ගේ  දරුවන්ගේ  අවශ්‍යතාව  මත  විවිධ  වැඩසටහන්  ක්‍රියාත්මක  කරන  මෙම  ආයතනය  එම  දරුවන්ට  අවශ්‍ය   පොත්පත්,  සහතික  සහ  වෙනත්  උපකරණ  බෙදා  දීමක්ද  සිදුකිරීමට  නියමිතව  තිබින..  එසේම  දුප්පත්  ජනතාව  වෙනුවෙන්  සායන  කිහිපයක්ද පවත්වන  ලදී.  එනම්  වෛද්‍ය  සායනය(  දේශීය,  බටහිර)  නීති උපදේශක  සායනය,  මනෝ සමාජීය  සායනය   යනාදී  සායනයන්ය.

නත්තල්  දිනයද  පසුබිම්  කර  ගනිමින්  සූදානම්  කර  තිබූ  මෙම  උත්සවය   වැල්ලවීදිය  දේවස්ථානයේ   මුළු  භූමියම  ආවරණය  වන  ආකාරයෙන්   සකසා  තිබින.  විවිධ  ඡායාරූප  සහ  දැන්වීම්  පුවරු  ඉතා  සිත්  ඇදගන්නා සුළු  විය.

මෙදින  සහභාගීවවෝ   –

*ප්‍රධාන  ආරාධිත  අමුත්තා  ලෙස  කුරුනෑගල  පදවිය  භාර,  ශ්‍රීලංකා  කතෝලික  සංක්‍රමණ  කොමිසමේ  සභාපති  අතිඋතුම්  හැරල්ඩ්  ඇන්තනි  හිමිපාණෝ.

*මීගමුව  වැල්ලවීදිය මීසම  භාර  ගරු  සුජීව  අතුකෝරල  පියතුමා.

*පල්ලන්සේන  මීසම්  සේවක  ගරු  ටෝනි  පිංටෝ  පියතුමා.

*විදේශ  කටයුතු  අමාත්‍යංශය.

*විදේශ  සේවා  නියුකුති  කාර්්‍යාංශය.

*  මීගමු  මහ  නගරසභාවේ   කොමසාරිස්  තුමිය.

* ශ්‍රී ලංකා  කරිටාස්  ජාතික  සෙඩෙක්  ආයතනය  නියෝජනය  කරමින්  සංක්‍රමණික  ව්‍යාපෘතියේ  කලමණාකරු  සගයරාජ්  මහතා.

*මුල්‍ය  අනුග්‍රහය  ලබාදුන්  නේෂන් ට්‍රස්ට්  බැංකුවේ  මීගමු  ශාඛාවේ  කලමණාකරු  ජොහාන්  ප්‍රනාන්දු  මහතා.

වැනි   පියතුමන්ලා  ඇතුළු  වගකිවයුතු  නිලධාරීන්   කිහිපදෙනෙක්  සහභාගීවූ  අතර  වැඩසටහන  සවස  4.00  දක්වා  පවැත්වෙන  බව  සංවිධායකවරු  අප  සමඟ  පැවසීය.