ජාතික ධීවර සහයෝගීතාවයෙන් උතුරේ වැන්දඹුවන්ට වියලි ආහාර

0
82

272-new

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය මගින් උතුරේ යුද්ධයෙන් අවතැන්  වු වැන්දඹු කාන්තාවන්ට වියලි ආහාර ද්‍රව්‍ය ප‍්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් 10 වැනි සෙනසුරාදා දින මන්නාරම, රංග කළා කේන්ද්‍රයේ දී පැවැත්විණි.  ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කාන්තා අංශයේ පුර්ණ අනුග‍්‍රහයෙන් පැවති මෙම ආහාර ද්‍රව්‍ය ප‍්‍රදානය කිරීමේ වැඩසටහනේදී රුපියල් 1000 ක වටිනාමකින් යුත් ආහාර මලූ 40 ක් ප‍්‍රදානය කෙරිණි. යුද්ධය පැවැති සමයේ සිට මේ දක්වා තම ගම් බිම් , වගා බිම් හා තම නිවාස අහිමිව එලෙසම තම ස්වාමි පුරුෂයන්ගේ රැුකවරණය අහිමි වූ උතුරේ කාන්තාවන් නගා සිටුවීම හා ඔවුන්ට යම් දිරියක් සැලසීම මේ වැඩසටහනේ අරමුණ විය. මෙහි පැමිණ සිටි උතුරේ ප‍්‍රදේශ කිහිපයක අවතැන් ස්ථාන වල ජීවත් වන කාන්තාවන් රජයෙන් ඉල්ලා සිටියේ යුද්ධය අවසන්ව වසර 02 ක් පමන කාලයක් ඉක්ම ගොස් ඇති නිසා ඉතා ඉක්මනින් තම නිජ බිම් හා තමන්ට අයිති ඉඩම් මෙන්ම නිවාස වල පදිංචි වීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසයි. එලෙසම තමන්ගේ ජීවිතය යලි ගොඩ නගා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසද ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටියේය.
මෙම වියලි ආහාර ද්‍රව්‍ය ප‍්‍රදානය කිරිමේ අවස්ථාවට මීගමුව,  ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ උතුරු-නැගෙනහිර පළත් සම්බන්ධීකාරක ඇන්ටනී ජේසුදාසන් මහතා සහ එහි කාන්තා අංශයේ සම්බන්ධීනරන නිලධාරීධාරිණි ලැවිනියා මහත්මියද සහභාගී වූහ.