ජාතික සරම්ප එන්නත් දිනය දා – මීගමුවේ ලයිට් කපලා- ඒ ඇයි?

0
100

Gavi pittakotte Sri Lankaමාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින්  2013 ජුලි 05 වනදාට යෙදුන සරම්ප අමතර එන්නතක් ලබාදිම සදහා වු ජාතික වැඩසටහන දිනය දා විදුලි බල මණ්ඩලය විසින් මුළු මීගමුවේම විදුලිය විසන්ධී කර තිබිම නිසා මහත් අපහසුතා වලට ලක්වන්නට අදාල වැඩසහටන ක්‍රියාත්මක කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට දෙමව්පියන්ට සහ අත දරුවන්ට සිදුව තිබුණි.
එන්තත් තැබිය යුතුව ඇත්ෙත් ශිතකරණ  වලය. මේ එන්නත ලබාදෙනුයේ මාස 6 සිට අවුරුද්ද දක්වා වු කුඩා දරුවන් හටය.
මීගමුව පුරා සායන 14 කදි පැවති මෙම වැසටහනට විදුලි බල මණ්ඩලයේ ලයිට් කැපිල්ල මරු පහරක් එල්ල කළ බව  මින් පිඩාවට පත් සියල්ලෝම සිය බලවත් විරෝධය පළ කර සිටිති.
නඩත්තු කටයුතු  හෝ  වෙනයම් අවශ්‍යතාවයකට , විදුලිය විසන්ධි කළද අද වැනි දිනයක මෙවැනි බරපතල වැරැද්දක් විදුලි බල මණ්ඩලයෙන්  සිදුවූයේ කෙසේද ?