ජාතිවාදය පැරදවීමට ආගමික සහජීවනය පතා සියළු ආගම් එකට අත්වැල් බැඳගනී!

0
99

IMG-20191031-WA0048

පසුගිය දිනවල ජාතිවාදී ප්‍රවනතාවන්ට එරෙහිව ආගමික සහජීවනය පතා මීගමු නගරයේ විවිධ ස්ථානවල විවිධ වැඩ සටහන් පවත්වනු දැකිය හැකි විය . මේ අනුව වීථි නාට්‍ය කණ්ඩායම් විසින් ඒ හරහා සහ අත්පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීම මෙහි එක් අංගයකි. මෙම වීථි නාට්‍ය තුළින් මේ සමාජයේ පවතින විනාශකාරී ජාතිවාදය ප්‍රශ්ණ කිරීමට ලක් කළ අතර අාගම් අතර සහජීවනය ගොඩනැගීම ඊට පිළතුර ලෙස මතුකරන ලදී .
සෑම අාගමක්ම දේශනා කර ඇත්තේ මිනිසා⁣ගේ සමානත්වය ගැනය.
“හැම දෙනාම දඬුවමින් තැති ගනිති. සියල්ලන්ටම ජීවිතය ප්‍රියය. එහෙයින් තමා උපමා කොට අනුන් ඝාතනය නොකල යුතුයි .අනුන් ලවා ඝාතනය නොකලයුතුයි. ‘”

“සියළු මිනිසුන් එක සමානය. ඔවුන් අතර දක්නට ලැබෙන වෙනස්කම් වනාහි ඔවුනොවුන් විසින් තෝරා ගනු ලැබූ ඒඒ වෘත්තිය පාදක කර ගෙන අත්පත්වූ ප්‍රතිඵල මිස අනෙකක් නොවේ.”

දෙවියන්ට වඩා ලඟින් සිටින තැනැත්තා වන්නේ අනෙකාට ගෞරව කිරීමට ඉස්සර වන තැනැත්තාය .

” සාමය අැති කරන්නෝ භාග්‍ය වන්තයෝය.ඔවුහු දෙවියන් වහන්සේගේ දරුවෝය.” කියනුප ලබන්නේය.”

මේ ආකාරයට සියළු ආගම් වල හරය තුළින් මිනිස් වර්ගයා අතර සාමය සංහිඳියාව ගොඩනැගීමට ප්‍රමුඛත්වය දී ඇත .

මෙම ආගමික ඉගැන්වීම් පදනම් කර ගනිමින් මීගමුව ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුව මගින් සංවිධානය කළ මෙම සමාජ සත්කාරය අගයකළ යුතුය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here