ජා ඇල දී ස්ර්ව ආගමික නායකයින් සහ ප්‍රජාව දැනුවත් කිරීමක්

0
469

2-3ශ්‍රී ලංකාව තුල පවතින කලබලකාරි තත්වය පිලිබදව පිලිබදව සර්ව ආගමික නායකයින් සහ ප්‍රජාව දැනුවත් කිරීමේ හමුවක් බස්නාහිර පළාත උතුර භාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මුලිකත්වයෙන් ඊයෙ 26 සවස ජාඇල ඒකල රැන්බිජ් හෝටලයේදී පැවැත් වුණි.
මෙම  අවස්ථාවට දේශපාලන අධිකාරිය නියොජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් වන හර්ෂණ රාජකරුණා  කාවින්ද ජයවර්ධන හිටපු අමාත්‍යවරුන් වන ජොසෝප් මයිකල් පීලික්ස් පෙරේරා පලාත් සභා හා නාගරික මන්ත්‍රීරවරුන් බෞද්ධ නායක ස්වමින්  වහන්සේලා කතෝලික නායකයින් නියොජනය කරමින් කතොලික පියතුමන්ලා මුස්ලීම් ආගමික නායකවරුන් වන මවුලාවරුන් සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් ගම්පහ දිස්ති්‍රක්කයේ පොලිස් නිළධාරිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවි සිටියහ.
බස්නාහිර පළාත උතුර භාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්  පැමිණි පිරිසට රටේ ඇති වි ඇති තත්වය හා ආරක්ෂිත  ක්‍රම අනුගමනය කරන ආකාරය දැනුවත් කල අතර පැමිණි සිටිය ආගමික නායකයින්ද අදහස් දැක්විමක්ද සිදූකලේය.

ප්‍රියප්‍රේම මාණික්කරත්න