ජැක්සන් ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙක්ම ළඟදීම බරපතළ වංචා විමර්ශන කොට්ඨාසයට?

0
133

නලාකරුවප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙක්ම ළඟදීම බරපතළ වංචා විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමට නියමිත බව වාර්තා වේ.

එසේ කැඳවීමට යන්නේ මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය විවෘත කිරීමේ දී සිදු කළ ප‍්‍රාසාංගික උත්සවයට වැය කර ඇති රුපියල් කෝටි ගණනක මුදල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය. එම උත්සවයේ නිර්මාණ අධ්‍යක්ෂවරයා වූයේ ජැක්සන් ඇන්තනී ය.

මෙම විවෘත කිරීමේ උළෙල පැවැත්වූයේ 2010 වසරේ නොවැම්බර් 18 වන දිනය.

මෙම ප්‍රසාංගික කටයුත්ත සඳහා වූ සමස්ත වියදම සම්බන්ධයෙන් තවමත් සොයා බලමින් සිටින බව වාර්තා වන අතර එහි පිරිවැය දැරුවේ වරාය අධිකාරියයි.

මෙම වැඩසටහන වෙනුවෙන් ජැක්සන් ඇන්තනී ට නිශ්චිතවම ගෙවූ මුදල ගැන සඳහන් සටහන් අතුරුදන්ව ඇති බවත් එම අධිකාරියේ ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට අතර චන්න හා උපුලී පසුගිය 22 දා බරපතළ වංචා විමර්ශන කොට්ඨාසයට කැඳවා ප්‍රශ්න කර තිබිණි. මෙම දෙපළගේ නැටුම් අධ්‍යක්‍ෂණය වෙනුවෙන් වරාය අධිකාරියේ මාධ්‍ය අංශය ලක්ෂ 150ක් ගෙවා ඇති බව සඳහන් වූවත් ඔවුන් වෙත ගෙවා ඇත්තේ ලක්ෂ 76ක් පමණක් බව මේ වන විට අනාවරණය වී ඇත.

භාතිය – සන්තුෂ් ඇතුළු තවත් කලාකරුවන් හා ප්‍රචාරක ආයතන කිහිපයකින් ප්‍රශ්න කිරීම ඉදිරියේ දී සිදු වීමට නියමිත බවත් දැනගන්නට ලැබී තිබේ
mirrorarts.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here