ජිවිතාරක්ෂක කබා නැතුව මුහුදු ගියොත් දඩුවම්…

0
299

life jacketමසුන් ඇල්ලීම සඳහා දියඹට යන සියලු ධීවරයන්ට ආරක්‍ෂිත කබා පැළඳීම අද (01 වැනිදා) සිට අනිවාර්ය කර ඇත. ධීවර ජලජ සම්පත් පනතෙහි සඳහන් නීති රීති යටතේ කබා නොපළඳින ධීවරයන්ට දඬුවම් ලබාදෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

1996 අංක 02 දරන ධීවර පනත, 2008.10.09 දින ප්‍රකාශයට පත් කළ ගැසට්‌ නිවේදනයට අනුව මෙම තීරණය වහාම ක්‍රියාත්මක වන අතර යම්කිසි ධීවර බෝට්‌ටු හිමිකරුවකුට මෙම නව නීතිය පිළිබඳ ප්‍රශ්න තිබේනම් ඒ පිළිබඳ ධීවර නිලධාරීන් සමග සාකච්ඡා කර ගැනීමට අවස්‌ථාව ලබාදී ඇතැයි ද එම ප්‍රකාශකයා කියා සිටියේය.
පසුගිය කාලයේදී ධීවරයින් අනතුරට පත්ව මිය යැම සැලකිල්ලට ගනිමින් අද (1 දා) සිට ධීවරයන්ට ආරක්‍ෂිත කබා පැළඳීම අනිවාර්ය කිරීමට ඇමැති රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.මේ වන විට රජය මැදිහත් වී ධීවර යාත්‍රාවලට එක්‌ ආරක්‍ෂිත කබාය බැගින් පිරිනමා ඇති අතර යාත්‍රා හිමිකරුවන් විසින් අවශ්‍ය ඉතිරි කබා ධීවර කාර්මිකයන්ට ලබාදීමට පියවර ගත යුතු බවද අමාත්‍යාංශය පවසයි.මේ වන විට බහුදින යාත්‍රා 4080 ක්‌ ද, කුඩා ධීවර යාත්‍රා 3773 ක්‌ ද ඇති අතර මෙම නව නීතිය සියලුම යාත්‍රාවල ධීවරයන්ට පොදු බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.

ශිරාන් රණසිංහ-