ජීවංග මිරැන්ඩෝ නගරාධිපති කිරිමේ සැලැස්මක් ??

0
77

jeenwangaඅප වෙබ් අඩිවිය විසින් මීට පෙර අවස්ථාවකදිද හෙළි කර සිටි පරිදි නගර සභාවේ මීළඟ වසර 2 ක සදහා ජීවංග මිරැන්ඩෝ නාගරික මන්ත්‍රිවරයා ව මීගමුවේ නගරාධිපති කිරිමේ සැලැස්මක් ක්‍රියාවට නැගෙමින් තිබේ.මෙහි ආරම්භය සිදුවන්නේ ජිවංග මිරැන්ඩෝගේම ආධාර කරුවන් විසින් ඉදිරියට ගෙන එන වැඩපිළිවෙලක් ලෙසය.
මීගමුව නගරාධිපතිධුරය පිළිබදව මතුව ආ ගැටළුවේදි එය විසදාලනු ලැබුවේ වසර 2 කක් ඇන්ටනි ජයවිරට සහ ඉතිරි වසර 2 ක දයාන් ලංසාට යන අයුරිනි.එහෙත් දැනමත් දයාන් ලංසා වෙත එල්ලවෙමින් ඇති විරෝධයන් නිසාදෝ ජිවංග මිරැන්ඩෝ ඉදිරියට ගෙනඒමමට සියළු කටයුතු ඇමැති නිමල් ලංසාගේම මුලිකත්වයෙන් සම්පාදනය වෙමින් තිබෙන  බැව් සැලය.
අන්ටනි ජයවීර නගරාධිපතිවරයා විසින් ඇමති නිමල් ලංසාගේ සියළු ඉල්ලිම් සපුරාලමින් කටයුතු කරගෙන ගියද පසුගිය මහ සභා රැස්විමේදි ඇමතිවරයාගේ තාත්තා විසින් දැනට භුක්ති විදින මීගමුව මාළු වෙළද පිළිබද යෝජනාවක් මහසභා න්‍යාය පත්‍රයට ඇතුළු කිරිමට විපක්ෂයට ඉඩදිම සම්බන්ධයෙන් මේ විරසැකය මතුව තිබේ.
මේ ුඅනුව ඇමතිවරයා ඇන්ටනි ජයවිර පිළිබදව දැඩි ද්වේශයකින් පසුවන බව වාර්තාවේ.
ජිවංග මිරැන්ඩෝ යනු දැනට ඇමැති නිමල් ලංසාෙග් බළාත් සභාවේ මහා මාර්ග පිළබදව අධ්‍යක්ෂධුරයක් දරන ඇමතිවරයාගේ සුවච කිකරු ගෝලයකි.
දේශපාලනය පිළිබදව මළබෝලයක් නොදන්නා ජිවංග පසුගිය වසර 8 ක නගර සභා කාලය තුල මහසභා රැස්විමකදි කිසිදු වචනයක් කථා නොකළ මන්ත්‍රින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින කෙනාය.
මීගමුව වැනි වේගයෙන් දියුණුව කරා යන නගරක ඇමතිවරයාගේ ගෝලයෙකු විම නිසා ම දේශපාලනය හෝ පරිපාලනය ගැන මෙලෝ දෙයක් නොදන්නා චචන 5 ක් ගැටගහගන්නට බැරි අයෙක්ට අයෙක් නගරාධිපති වුවහොත් මීගමුවේ ජනතාවට නගරය පුරාම ඇති සියළු ආගමික සුරුවම්වලම පිහිටය.