ජීවන අරගලය තුළින්ම ජීවිතය ජයගත් මිනිසෙකුගේ කතාවක් !

0
409

Jude 2

ජීවත් වීමට  යම් කැපකිරීමක්  පරිශ්‍රමයක්  දැරිය යුතුය. එසේ  පරිශ්‍රමයක්  දැරීමට  නොහැකි  අය  ජීවන  අරගලයේදී   පරාජයට  පත්වන  ආකාරය  අපි  දැක  ඇත්තෙමු. එවැනි  අය  සමහර අවස්ථාලදී  තම  ජීවිතයෙන්ද  සමුගනී. ජීවන  අරගලයේදී  නොවැටී  සිටියහැකි  ඉඩප්‍රස්ථා  ඕනෑ  තරම්  ඇතිබව  පෙන්වා  දෙන  අත්දැකීම්  සමුදායක්   සහිත  අයෙකු   සමඟ  කථාබහකට  යොමුවුනේ  මෙම  කාරණය  සනාත කරමින්ය.  ඔහු  නමින් වර්ණකුළසූරිය ගාමිනී  රෝහිත  ප්‍රනාන්දුය.  නමුත්  අප  ඔහු  හඳුනාගෙන  ඇත්තේ  ජූඩ්  යනුවෙනි.  ඉහත කී  අදහස  ඔහු  වචනවලට  පෙරලමින්  අපසමඟ  දොඩමළු  වූයේ  මෙසේය.

මම  ගාමිනී  රෝහිත  ප්‍රනාන්දු.    ජූඩ්  කියල  තමයි  හැමදෙනාම  දන්නෙ.  මගෙ  බිරිඳගෙ  නම වෙල්ගම්පලගේ කමලා පෙරේරා.   දරුවො   තුන්දෙනෙක්  ඉන්නවා. පුතාල  දෙන්නයි.  එක  දුවයි.  ලිපිනය   –  නො4  ,  පාතිමා  පාර,  පෙරියමුල්ල.  මගෙ  තාත්තගෙ  නම  තෝමස්.  එයා  වඩුවැඩ,  මේසන් වැඩ  කරපු  නිසා  හැමෝම  කිව්වෙ තෝමස්  බාස්  කියලයි.

පාසැල්  යන  අවධිය  ගැන  මතකය  කොහොමද?

අපේ  තාත්ත  වඩුවැඩත්  දන්නව.  මේසන් වැඩත්   දන්නව.  තාත්ත  මාව  එක්කගෙන  යනව  එයා  වැඩ කරන  තැන්වලට.  ඒවුනාට  මම  කතැමැත්තෙන්  නෙවෙයි  ඒ  වැඩකළේ.  අකමැත්තෙන්  ඒ  වැඩ  කළාට  අද  තේරෙනව  තාත්ත  මොකටද  මාව  ඒවට  යොමුකළේ  කියල.  මම  අද  යමක්  කරනවනම්  ඒ  ආභාෂෙන්  ලැබී  තිබුනු  හුරුව  ප්‍රයෝජනවත්  වුනු  බව  පේනව.jude 2

පාසැල්  අවධියෙන්  පස්සෙ?

පාසැල්  අවධියෙන්  පස්සෙ ( 1980දි  වගේ)   කොළඹ  ලංකා බැංකු  ගොඩනැගිල්ල හදන  අවස්ථාවෙ  මම  වඩුකාර්මිකයෙක්  විදිහට  වැඩ කළා.  ඒ  වෙලාවෙ  සැටලින්  ගැහීම  වගේ  දේවල්  තමයි  කරන්න  තිබුනෙ.  ඒ  කාලෙ  දවසක  පඩිය  රු. 120/ක්  ලැබුන.  සතියට  වරක්  ගෙදරට  එනකොට  රු.  1000/ ක්  විතර  අරගෙන  එනව.  ඒක  ලොකු  පඩියක්.  මේ  රස්සාව  මම  කළේ  අවුරුද්දක්  විතර  කාලයක්  පමණයි. ඉන්  පස්සෙ  මට  පෙරියමුල්ලෙ  ලංකා  පිඟන්  සංස්ථාවෙ  රස්සාවක්  ලැබුනා.  ගමේ  තිබුණු  අපේ  සමීතියේ  ඉල්ලීමට  අනුව  තමයි  මට  ඒ  රස්සාව  ලැබුනෙ. සමීතියේ  හිටපු  විවිධ  පක්ෂවලට  අනුව  එ.ජා.ප.  2ක්,  ශ්‍රි. ල. නි. ප. 2ක් ,  ස. ස. ප. 1ක්  වගේ  බඳව  ගත්ත.  මාව  ගත්තෙ  ස. ස.ප. සාමාජිකයෙක්  විදිහට. හැබැයි  පඩිය  දවසකට  රු.15/යි.  1984-  85  වගේ  මේ  ලැබුනු  රස්සා  නිසා  ගොඩක්  අත්දැකීම්  ලැබුන.  අපිව  මුලින්ම  දැම්මෙ  කැලේ  කපන්න.අපේ  කණ්ඩායමෙන්  උ. පෙ. සමත්වෙල  හිටියෙ  මම  විතරයි.  ඒ  නිසා  මට  විශේෂ  තැනක්  තිබුන.මේ  අතරෙදි  ඉන්ටවිව්  එකක්  තිබුන  උඳුන්  ක්‍රියාකරු  කියන  තනතුරට.  ඒසඳහා  ඉදිරිපත්වෙල  මාව  ඒකට  තෝර  ගත්ත.    ඒක මේ  පැක්ටරියෙ   බලපෑම්  කළහැකි  තනතුරක්. පෝරණු  3ක්  තියෙනව.  ඒනිසා  තුන්දෙනෙක්  වැඩ  කළා. ෂිප්ට්  එකට  යන නිසා  12ක්  හිටියා.  විවිධ  ගැටළු  මත  මම  නිලධාරීන්  එක්ක  අරගල  කළා.  ඒනිසා  මාව  ඉවත්කරන්න  හිතාගෙන  සුභසාධක  තනතුර  කියල  එකක්  මට  පැවරුව.  මේක  අමාරු  වෙන්නෙ  පිරිසිදු  කිරීමේ  අංශය  නිසා  මහත්තුරුන්ට  එම  සේවකයින්ගෙන්  වැඩ  ගැනීම  අපහසු  නිසයි.  මම  ඔවුන්  එක්ක  ගනුදෙනු  කළේ  වෙන අය  වගේ  නෙවෙයි.  ඔවුන් හා  එක්ව  මිනිස්සු  විදිහට  සළකල  වැඩ  කරපු නිසා  මට  කිසිම  ප්‍රශ්ණයක්  තිබුනෙ  නෑ  ඒ අය  සමඟ  වැඩ  කරන්න. දමිල  අයත්  හිටිය. ඒ  සියළු  දෙනා  සමඟ   එකට  වැඩ  කිරීමේ  හැකියාව මට  තිබුනා.  මේ  අතර  තමයි  පැක්ටරිය  වැහෙන්නෙ.  එවිට  අපිට  රැකියාවක්  නැතිව  ගෙදරට  වෙල  ඉන්න  සිද්ධ  වුනා.jude 1

ඉන් පස්සෙ  මොකද  කළේ?

ඊලඟට  මම  කතල්පනා  කළා  මොනවද  කරන්නෙ  කියල.  ඒ  අනුව  කොලකැඳ  ටිකක්  හදල පුට්බයිසිකලයක  අරගෙන  ගිහිල්ල  පිටිපන  මාළුලෙල්ලමේ  විකුණුව.  ඊට  පස්සෙ  සෙක්‍යුරිටි  වැඩක්  කළා.පස්සෙ  පිටි  කිලෝ  දෙකක  විතර   ආප්ප  හදල  විකුණුව.  ක්‍රමානුකූලව  ඒක  වැඩිදියුණු වුනා.  ප්‍රමිතියකට  අනුව  කරපු  නිසා  ඉල්ලුම  වැඩිවුනා.  ඉන්  පස්සෙ  බර්ත්ඩේ  පාටි, මංගල උත්සව  ආදී  අවශ්‍යතාවලට  කෑමජාති  ,  බයිට්ස්  වගේ  දේවල්  හැදුව.  ඉන්  පස්සෙ බාබකිව්,  රයිස්  ඇන්ඩ් කරි,  කොත්තු,  ආප්ප  මේ  ඕනෑම  කෑම  වර්ගයක්  හදල  දෙන්නට  තරම්  මේ  රස්සාව  සාර්ථකත්වයට  පත්වුනා. අද  ඉතින්  හතර පස් දෙනෙකුට වුනත්  රස්සාවක්  දීමේ  හැකියාව  මට  තියෙනව

.මේ  තැනට  ඒමට   කව්රුහරි  ඔබට  උදව්  කළාද?

පාසැල්  යන  කාලෙ  අපට A/L  පන්තියේදි  ඉගැන්නුව  පලිහවඩන  කියල සර්  කෙනෙක්. එයා  නිතර  කිව්ව  දෙයක්  තමයි  විශ්ව විද්‍යාලෙ  ගිහිල්ල  ඉගෙන  ගත්තත්  ලැබෙන්නෙ  ගුරුකම  වගේ  එකක්  විතරයි .  ඒනිසා  දෑතෙ කර්මාන්තයක්  ඉගෙන ගනිල්ල  කියන  එක.  තමන්ගෙ  හැකියාව  පැත්ත  දියුණු  කරගෙන  ඒ  අනුව  වැඩකරන්න  කියල  තමයි  එයා  කිව්වෙ.   ඒ  කාලෙ   මට  ඒ  සර්ව  පෙනුනෙ සතුරෙක්  වගේ . නමුත්  පස්සෙ  කාලෙකදි  තේරුනා  සර්  කියපු  දේවල්  හරියටම  හරි  කියල.   ඒවගේම  කියන්න  තියෙන  දෙයක්  තමයි  මගෙ  බිරිඳගෙ  සහාය  නොතිබෙන්න  මේ  කිසිවක්  කරන්න  බෑ.  එයාගේ  වැඩ  කොටස  අති  විශාලයි.  විශේෂයෙන් මුදල්  කලමණාකරණය  එහෙම  අපිට  කරන්න  බෑ  ඒවිදිහට.  ඒගැන  මට  ආඩම්බරයි.

ඔබේ  ගමන්  මග  අනුව සමාජයට  කිවහැකි  උපදෙසක්  තියෙනවද?

ඔව්.  මම  කියන්නෙ  කෙනෙකුට   උත්සාහය  තියෙනවනම්  කරන්න  බැරි  දෙයක් නෑ  කියලයි.  රස්සාවෙන්  දොට්ට  වැටෙද්දි  ඔහේ  නිකන්  බලා  හිටියනම්  මොකද  වෙන්නෙ?  අද වෙනකොට  මට  ඕනෑම  උත්සවයක්  සදහා  කෑම  ජාති  හදල  දෙන්න  පුළුවන්.ඒ  තත්වය  උත්සාහයෙන්  තමයි  ගොඩනගා  ගත්තෙ.  මම  කළ  කැපකිරීම් ගැන දන්න  නිසා  අද වුනත්  ජීවිතේ  ගොඩනගාගන්න  උත්සාහ  කරන  අයට  මම හැකි  උදව්වක්  තියෙනවනම්  කිසි  පැකිලීමක්  නැතිව  කරල  දෙනව.

මහ පොලොවේ   තිබෙන  සත්‍ය  සිදුවීම්  වලින්  තමයි  අපිට  නිවැරදි  මගපෙන්වීම  ලැබෙන්නෙ.  ජූඩ්  තමන්  ඉගෙන ගත්  දේවල් , ලැබූ  අත්දැකීම්  සියල්ල  තමන්ගේ  ජීවිතය  ගොඩනගා  ගැනීම  උදෙසා  යොදාගත්  සැබෑ  මිනිහෙක් .    මේ  සියල්ලටත්  වඩා  වැදගත්  කොටස  වන්නේ  ඔහු  විසින්  නොකියු  සහ  නමුත්  පුද්ගලයෙකු  වශයෙන්  ඔහුව  මෙහෙයවන  දැක්මයි.  ඒ වගේම  ඔහු  මිනිසෙක්  වශයෙන්  තිබිය යුතු  යහපත්  මානව  ගුණාංග  රාශියකින් සමන්විත   පුද්ගලයෙක්  වගේම  ඕනෑම  සමාජ  ප්‍රශ්ණයකදී    මැදිහත්වී  කටයුතු  කරන  අයෙක්. අවසාන  වශයෙන්  අපි  ඔහුගේ  ඉදිරිගමනට  ශක්තිය  සහ  ධෛර්්‍ය  පතමු.

T .NO-  0756897965