ජීවිතය ගුහාවක් .ඒකෙන් එලියට එන්න හරිම අපහසුයි

0
260

වෛරය

වෛර කරන මිනිසා කිසිදිනක සතුටින් නැත.තරහින් සිටිනනිසා ජිවිතය අපායක් ලෙස දකි. සමහර අය තමන්ටම වෛර කරයි.නැතිනම් පිට කෙනෙකුට ,තමන්ගේම අයෙකුට වෛර කරමින් සිටි.වෛරය කිසිදිනක මිනිස් සිතට සතුටක් ගෙන දෙන්නේ නැත.කිසිම දිනක වෛරය කිසිම හේතුවකට විසදුමක් නොවේ.
කාටම හරි වෛරයෙන් මිදිල ආදරේ කරන්න පුළුවන් නම් එයයි මනුෂ්‍යකම

සැකය

සැකය හැමවිටම හිතදුකින් බයෙන් තියයි.සැකය ඇති මනුෂ්‍ය සත්වයා සැමවිටම දුක්විදි.සැකය විෂ බීජයක්.එය ශරිරගතවුවහොත් සුව කිරිම අපහසුයි.ජිවිත කාලෙම අදුරුයි.සැම විටම මනුෂ්‍යාව ,ආදරය,ජිවිතය,පවුල එකිනෙකා  අතර විශ්වාසය හැර සැකය නැතිවිය යුතුයි.

ජීවිතය

beautiful-closeup-flower ජිවිතය සාර්ථක කරගන්නවා වගේ.ජීවිතය සාර්ථක කරගන්න උත්සාහය.ධෛර්ය,ඉවසිම,අවශ්‍ය හොද අරමුණක් ඇතිව ජිවිතය ගෙවන තුරා සාර්ථක කරගතහැකියි.ජිවිතය සාර්ථක කරගතහොත් ගුහාවෙන් එලියටආ හැකියි….

ආදරය

ජිවිතයට ආදරය ආවම අමුතම හැඟිම් ගලාගෙන එනවා.අපි ආත්මාර්ථකාමි වෙනවා.මටම අයිතිවෙන්න ඕන කියන හැඟිමත් එක්ක හීන ලෝකෙක ජිවත් වෙනවා.ජිවිතයම අපෙන් මඟහැරි යනවා.ජිවිතය අමතක කරනවා.දුකක් වේදනාවක් අහිමිවිමක් තිබෙන බව අමතක කරනවා.කොටින්ම දෙමාපියන්ව පවා අමතක කරනවා.
ආදරය කියන්නේ තනිකර සිහින ලෝකයක් නොවේ.ජිවිතය වගේ ආදරයත් ගුහාවක්.ඒකෙන් එලියට එන්න ඕනේ නම් ආදරය වටහාගත යුතුයි.ජිවිතය ආදරය විඳින්න මිසක් විඳවන්න නෙමෙයි.
ආදරයෙදි හිමි නොවුනොත් වෛර කරනවා එය සැබෑ ආදරය නොවෙයි.හිමිවුනත් නැතත් ඔහු හා ඇය වෙනකෙනෙකුට හිමිවුනත් සුභ පතන්න පුළුවන් වෙන්න ඕනේ.

අහිමිවිම

වෙන්විමේ බලාපොරොත්තුව යළි හමුවිමයි.සමහර වෙන්විම් සදාකාලිකයි.එතන හමුවිමක් නෑ.හමුවිම සතුටක් වුවත් වෙන්විම මුළු ජිවිතයට වේදනාවක් .සතුට ජයග්‍රහණයක් වුවත් දුක පරාජයක්.
හමුවිම ජිවිතයට අළුත් ලෝකයක් සිහිනයක් බලාපොරොත්තු ඇති කරනවා.නමුත් බලාපොරොත්තු ඇතිකර ගැනිමෙන් ලැබෙන සතුට තාවකාලිකයි.නමුත් එය සුන්ව යෑමෙන් ලැබෙන දුක සදාකාලියකයි.

සටහන -සෙත්මිණි ප්‍රාර්ථනා