”ජීවිතය මැනෙන්නේ කාලයෙන් නොවෙයි, මුදුන් පමුණුවා ගැනීම් වලින්” -ස්ටීවන් සටන්- දෛවය සමග සටන් කළ දරුවකුගේ කතාව—– -සුනන්දගේ සටහනක්-

0
103

”ජීවිතය මැනෙන්නේ කාලයෙන් නොවෙයි, මුදුන් පමුණුවා ගැනීම් වලින්” -ස්ටීවන් සටන්- දෛවය සමග සටන් කළ දරුවකුගේ කතාව—–
-සුනන්දගේ සටහනක්-

(ලංකා ඊ නිව්ස් -2014.ජුනි.05, ප.ව.11.30) එංගලන්තයේ බ(ර්)න්ට්වුඩ් නම් නගරයක 1994 දෙසැම්බරයේ උපද ලද ‘ස්ටීවන් සටන්'(Stephen Sutton) 2014 මැයි මාසයේ පසුගියදා දෙනෙත් පියා ගත්තේ ය. ස්ටීවන් පාසැල් සමයේ වෙහෙසකර ක්‍රීඩාවන්ට මහත් ඇල්මක් දැක් වූ අතර වෛද්‍යවරයකු වීමට සරසවියට ඇතුල්වීමට සූදානමින් සිටියේ ය. එනමුත් ඔහුට ජීවත් වීමට වාසනාව තිබුණේ වසර 19ක් පමණි. ඉන් අවසාන වසර හතර ඔහු ජීවත් වූයේ මාරක පිළිකාවක් සමග සටන් කරමිනි.

වෛද්‍යවරුන් විසින් මුලදී කරන ලද අපරීක්ෂාකාරී වැරදි රෝග විනිශ්චයන් නිසා ඔහුගේ පිළිකාව සොයා ගැනීම කල් ගියේ ය. සමහර විට නිසි කළ සොයා ගන්නා ලද්දේ නම් ඔහුගේ ජීවිත ඉරණම වෙනස් වන්නට තිබුණි. ඒ බව හොඳාකාරව ම දැන සිටි නමුත් ස්ටීවන් ඒ සම්බන්ධයෙන් කිසිදු තරහක් පෙන්වුයේ නැත. ”අතීතයේ ජීවත්වෙලා මොනව කරන්න ද? මං කැමැති ඉස්සරහ ගැන බලන්න” යැයි ඔහු කීවේ උපේක්ෂා සහගතව ය.

ඔහු ජීවිතයට ආකල්ප ම ය වෙනසක් ඇති කර ගත්තේ ය.

එමගින් ගොඩ නගාගත් සිය ජීවිත අධිශ්ඨානය මගින් ස්ටීවන් පිළිකාව පරාජය කරන්නට සමත් විය. ඒ ජීවිත කාලය දිගු කර ගැනීමට වාසනාව ලැබීමෙන් නොවේ. ජීවත් වන කාලයෙහි අරමුණක් ඇතිව ජීවත්වීමෙනි. අපි සෑම දෙනෙකු ම වාගේ ජීවිතයේ යම් යම් අවස්ථාවන්හි දී දුෂ්කර සමයන්ට මුහුණ දෙමු. සිරුර අඩපන කැරෙන කායික පිළිකා නැතත් මනස ද එමගින් ජීවිතය ද අඩපන කැරෙන සමාජ පිළිකා අප අවට සුලභ ය. ස්ටීවන් වනාහි එවැනි දුෂ්කර සමයකට ආලෝකයක් ගෙනෙන උදා තරුවක් වැන්න.

මුහුණ දීමට සිදු වූ සිත් කළඹන රෝගී තත්ත්වය හමූයේ ඔහු ජීවිතයට අලූත් අරුතක් සොයා ගත්තේ ය. දිනෙන් දින ඉතා ඉක්මනින් සිය අවසාන හුස්ම පොද ළඟා වන බව දැනගත් වහාම ඔහු මුහුණු පොතේ සිය පිටුවෙහි තමා කරන්නට හිතු මනාප 47 ක ලැයිස්තුවක් පළ කෙළේ ය. ඒ 2013 දී ය. සිය මරණයට පෙර එම ලැයිස්තුවෙන් හැකි තාක් දේ මුදුන් පමුණුවා ගැනීම සිය අරමුණ ලෙස ද එහි සටහන් කළේ ය. එම ලැයිස්තුව විනෝදයේ සහ පරෝපකාරයේ සංකලනයක් විය. ඔහුට දෙකම එකක් වූවා වැන්න. පොතක් ලිවීම, ජනප්‍රිය පාපන්දු තරගයක් බැලීමට යෑම, මහ සෙනඟක් අභිමුව ඛෙර වැයුමක යෙදීම, අලියකු සිප ගැනීම, කොල්ලන්ගේ විනෝද ගමනකට යෑම, මහ පිරිසක කරපිටින් සර්ෆ් කිරීම, ජනප්‍රිය ප්‍රහසන නළුවකු මුණ ගැසීම යනාදී විනෝද ජනක දෑ ද එහි විය.

එම ලැයිස්තුවෙන් ස්ටීවන්ට මුදුන් පමුනුවා ගැනීමට නොහැකි වූයේ කරුණු 17 ක් පමණි. ඒ අතර ඕස්ටේ්‍රලියාවේ සංචාරයකට යෑම, බ්‍රසීලයේ සැණකෙළියකට යෑම, පේරු රටේ පුරාණ නටඹුන් බැලීමට යාම යනාදිය විය.

සිය පිළිකාව පිළිබඳව දැන ගැනීමෙන් පසු ස්ටීවන් එංගලන්තයේ යෞවන පිළිකා භාරය (ටීනේජ් කැන්සර් ට්‍රස්ට්) සමග කටයුතු කිරීමට පටන් ගෙන තිබුණි. ඔහුගේ හිතුමනාප ලැයිස්තුවේ එවැනි සමාජ සේවා ව්‍යායාමයන්ට ආධාර පිණිස කැරෙන ක්‍රියා ගණනාවක් ද විය. සමාජ සේවා ආධාර සඳහා අහසේ සිට අඩි 15000 ක පිම්මක් පැනීම, සමාජ සේවා රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කිරීම, සමාජ සේවාවට සහාය පිණිස හිස බූ ගෑම,(මෙහිදී එංගලන්තයේ යෞවනයෝ ‘ස්ටීවන් ෆැෂන්’ සේ සලකා හිස බූ ගෑවෝය) යෞවන පිළිකා භාරයට පවුම් මිලියනයක් එකතු කර දීම යනාදිය ඒ අතර විය.

අතරමගදී ස්ටීවන් පවුම් මිලයනයේ ඉලක්කය පසු කළා පමණක් නොව එය පවුම් මිලියන තුනක් කරා ඉහළ නැංවූයේ ය. සිය ජීවිතය පිළිබඳ එතරම් අවිනිශ්චිත තත්ත්වයක සිටිමින් යෞවන ජීවිත බේරා ගැනීම පිණිස මේසා අරමුදලක් ගොඩ නැගූ අන් අයකු ගැන අසන්නට නැත. ඔහුගේ මරණයෙන් පසු මේ වන විට එම අරමුදල පවුම් මිලියන හතර හමාරක් දක්වා ඉහළ ගොස් තිබේ.

රෝහල් ගත වූ සෑම අවස්ථාවක දී ම ස්ටීවන් සිය මුහුණු පොතෙහි සිය රෝගී තත්ත්වය සහ ජීවිතය සතුටින් ගත කිරීම ගැන සටහන් කෙළේ ය. එවැනි එක් අවස්ථාවක ඔහු මෙවැනි සටහනක් තැබුවේ ය.

”මේ මගේ අවසන් මහපටැඟිළි ජය ළකුණයි. මේ තාක් මං සාර්ථකව මුහුණ දුන්නා, ඒත් දැන් පේන විදිහට අවාසනාවකට වගේ මේ කඩුල්ල පනින්න බැරි වෙන පාටයි.’

මේ තරම් ඉක්මණට අවසානය ආපු එක ලැජ්ජාවක්. කොච්චර දෙනෙක් ඉන්නව ද මට හරියට මුණු ගැහිල ස්තුති යි කියන්න බැරි වුන, ආයුබෝවන් කියන්න බැරි වුන.. ඒකට සමාවෙන්න..

ඊළගට මොනව වුනත් මං එක දෙයක් කියන්න ඕනෙ. මං ඉන්නේ හොඳින්. මං එළැඹෙන තත්ත්වයට සාමකාමීව මුහුණ දෙනව. එච්චරයි. ජීවිතය හොඳට ගෙවුණ. හරිම හොඳට.”

එංගලන්තයේ ජනප්‍රිය ප්‍රහසන නළුවකු වන ෙජ්සන් මෑන්පොඩ්, ස්ටීවන්ගේ සමාජ සේවා ව්‍යායාමයේ ප්‍රබලයෙකු බවට පත්ව සිටියේ ය. ස්ටීවන්ගේ මරණයෙන් පසු ඔහු මෙසේ කීවේ ය. ”වසය 19 දී මැරෙන්න යනව කියා දැන ගත්තොත් අප හුඟ දෙනෙක් කම්පා වේවි. ස්ටීවන්ගේ වෙනස ඒකයි. සිය ජීවිතයේ අඳුරුම පැයේදිත් ඔහු යෞවනයින් වෙනුවෙන් දශ ලක්ෂ ගණනින් මුදල් එකතු කරන්න කැප වෙලා හිටිය. ඔහු කළ දේ අප කාටවත් කරන්න බැහැ. කරන්න තියා හිතන්නවත් බැහැ. මේ දිරිමත් තරුණ මිනිසා ගැන ඔහුගේ පවුලටත්, බ(ර්)න්ට්වුඩ් නගරයටත් මානව සංහතියටමත් ආඩම්බර වෙන්න පුළුවන්. ඔහුගේ සමහර වචන සදා කාලයටම ජීවත් වේවි. ඔහු කියන්න පුරුදු වෙලා හිටිය ‘ජීවිතය මැනෙන්නේ කාලයෙන් නොවෙයි, මුදුන් පමුණුවා ගැනීම් මගින් කියල”

ඔහුගේ හිතුමනාප ලැයිස්තුවේ වූ නගරයේ ගායක කණ්ඩායම සමග සමාජ සේවා ආධාරක ගීයක් ගැයීම යන්න ඔහුට ඉටු කර ගැනීමට බැරි විය. එසේ නමුත් ඔහුගේ මරණයෙන් පසු සංගීතවේදීන් 40 දෙනෙකු එක්ව ස්ටීවන් වෙනුවෙන් නිර්මාණය කළ ගීය වහාම එංගලන්තයේ ජනප්‍රිය දෙවැනි ගීය බවට පැමිණුනි.

2014 ජනවාරි මාසයේ දී ඔහුගේ හිතුමනාප ලැයිස්තුවේ එක් අංකයක් වූ විශාල පිරිසක් හමුයේ කතාවක් පැවැත්වීමට ඔහුට අවස්ථාව ලැබුනි. හරදහසක් දෙනෙකු හමුවේ සිය අදහස් කියා පෑමට ඔහුට විනාඩි 15 ක් ලැබුනි. එහිදී ස්ටීවන් දැක්වු අදහස් ජීවිතයක අරුත පිළිබඳ ඔහුගේ දැක්ම සටහන් කිරීමක් විය. ඒ වන විට සිය ජීවිතය ඉක්මන් අවසානයක් කරා ගමන් කරමින් සිටින බව ඔහු දැන සිටියේ ය. ඔහු මෙවැනි අදහස් ගොන්නක් එහිදී ඛෙදා හදා ගත්තේ ය.

” මා මෙහි ඉන්නේ සිනහසෙමින්. ඊට හේතුව මා ලබන සහයෝගය යි. පහුගිය කාලයේ මං ඉගෙනගත් දෙයක් තමයි, පුළුවන් තරම් සාධනීය වෙන්න. ඒ වගේම මං ඉගෙන ගත්තා සාධනීය ආකල්ප විසින් සාධනීය ප්‍රතිඵල ලබා දෙන බව. ඒ වගේම මං ඉගෙන ගත්තා මං ගැන දුක් නොවෙන්න. ඔබ කිසිවෙක් මං ගැන දුක් වෙන්නත් එපා. අවාසනාවකට වගේ මගේ රෝගය සුව කළ නොහැකි තත්වයකයි තියෙන්නේ. මං දන්නේ නැහැ මට කොච්චර කාලයක් තියෙනව ද කියා ජීවත් වෙන්න.

ඒත් මං ඒ ගැන වෛද්‍යවරුන්ගෙන් අහන්නේ නැහැ. මොක ද දන්නවද ? මං තවදුරටත් ජීවිතය මනින්නේ කාලයෙන් නොවෙයි. මං ඇත්තට ම කැමැතියි ජීවිතය මනින්න දිනා ගැනීම් වලින්, නැත්නම් අප සාර්ථක කර ගන්නා දේ වලින්. ඊටත් වඩා මං කැමැතියි වෙනසක් ඇති කිරීම කියන අර්ථයෙන් ජීවිතය මනින්න, ඒක වඩා වටිනවා, වඩා ප්‍රායෝගික යි. මං මෙහි ආවේ එවැනි ජීවිත දැක්මක් ඇති කරගන්න කියලා ඔබ හැම දිරිමත් කරන්නයි. පසුගිය අවුරුද්දේ මං කළ එක් දෙයක් තමයි ස්ටීවන්ගේ කතාව කියා මුහුණු පොතේ පිටුවක් ඇරීම. මං එහි දැම්මා මං කරන්න හිතු මනාප කරුණු 47 ක ලැයිස්තුවක්.

බලන්න, මට කතා කරන්න තියෙන්නෙ විනාඩි 15 යි නෙ. ඒත් බලන්න එක් අවුරුද්දක් ඇතුලෙ මං කරපු හරිය. එක්තරා විදිහකට මං පිළිකා රෝගියෙක් නිසාම නොවෙයි, අප කාට වුනත් යමක් දිනා ගන්න අවශ්‍ය නම් ඒ වෙනුවෙන් වැඩ කරන්නයි ඕනෙ. ජීවිතය තියෙන්නේ ජීවත් වෙන්න.

මං තේරුම් ගත් තවත් දෙයක් තමයි තමන්ට උදව්වක් කර ගන්න හොඳම විදිය තමයි අනුන්ට උදව් කරන එක කියල. මං ගෙදරට වෙලා දුක් වෙවී ඉන්නෙ නැතුව ඔබත් එක්ක මගේ කතාව ඛෙදා ගන්නේ ඇයි? මගේ පිළිකාව මුලින් සොයා ගත්තහම ඒක හොඳ දෙයක් වුනා. මට ලොකු උද්වේගයක් ඇති වුණා දේවල් කරන්න. ජීවිතේ විඳින්න. නමුත් පස්සේ කරපු රෝග විනිශ්චයෙන් මට එතරම් කාලයක් නැති බව පෙන්නල දුන්න. දැන් මට දැවැන්ත උද්වේගයක් තියෙනව ඒත් එතරම් කාලයක් නැහැ.

බලන්න ඔබ දිහා. ඔබට ලෝකයේ ඇති තරම් කාලය තියෙනව, ඔබට ම වගේ ම අනෙක් අයටත් වෙනසක් ඇති කරන්න. ඒත් වෙලාවකට ඔබට උද්වේගය නැති වෙන්න පුළුවන්. ඇත්ත, ඔබට ඔබේ ජීවිත කාලයෙන් කොටසක් මට දෙන්න බැහැ මට තව කාලයක් ජීවත් වෙන්න. ඒත් දන්නව ද මට කළ හැකි දේ. මට පුළුවන් මගේ උද්වේගයෙන් කොටසක් ඔබට දෙන්න. ජීවිතයේ යමක් දිනා ගන්න, එළියට බැහැලා වෙනත් අයට උදව් කරන්න, වගේම එළියට බැහැලා ජීවිතය විඳින්න. මං අන්තිමට ආයෙත් කියන්නේ ‘කරන්න යහපත් වෙනසක්..’ කියායි. ඒක තමයි කළ යුතු දේ.”

යහපත් වෙනසක් ඇති කරමු. එය තමයි කළ යුතු දේ…!

-සුනන්ද දේශප්‍රිය විසිනි-

-ලංකා ඊ නිව්ස් පසු සටහන-
——————————-
මෙම දරුවාගේ කැප වීම සහ මරණය තරම් මෑත කාලයේ එංගලන්තයේ සංවේදී සමාජය ප්‍රකම්පනය කළ තවත් සිදුවීමක් නැත. සරණාගත භාවය රැගෙන රුපියල් සහ පවුම් අතර වෙනස ගැන සිතමින් දිවා රාත්‍රී දුවන එංගලන්තවාසී ශ්‍රී ලංකා ඩයස්පෝරා සමාජයෙන් කී දෙනෙක් ඉහත කී එංගලන්ත සංවේදී සමාජයට අයත් වූවාදැයි නොදනිමු. ස්විට්සර්ලන්තවාසී සුනන්ද දේශප්‍රිය එංගලන්තයේ වූ මේ සිදුවීම සම්බන්ධයෙන් සංවේදී වී ස්ටීවන් සටන් ගැන තමන් විසින් සටහනක් ලියනවා යැයි කී විට අප මහත් සේ කැමැති වූයෙමු. වෙනම රාජ්‍යයක් වෙනුවෙන්ද, සමාජවාදය වෙනුවෙන්ද, බලය රැක ගැනීම වෙනුවෙන්ද, කියමින් තමා අතහැර අනෙකාගේ මරණය සොයා ගිය සහ ඔවුන්ගෙන් ජීවිතය බේරා ගත් සමාජයකින් අද ඉතිරි වී ඇති මිනිසුන් අතර සැබෑ සංවේදී මිනිසුන් සිටීනම් මෙම ලිපියේ මුද්‍රිත පිටපත් රැගෙන අන්තර්ජාල පහසුකම් නැති අනෙකා අතට පත් කරන මෙන් ඉල්ලමු.

''ජීවිතය මැනෙන්නේ කාලයෙන් නොවෙයි, මුදුන් පමුණුවා ගැනීම් වලින්'' -ස්ටීවන් සටන්- දෛවය සමග සටන් කළ දරුවකුගේ කතාව-----
-සුනන්දගේ සටහනක්-

(ලංකා ඊ නිව්ස් -2014.ජුනි.05, ප.ව.11.30) එංගලන්තයේ බ(ර්)න්ට්වුඩ් නම් නගරයක 1994 දෙසැම්බරයේ උපද ලද 'ස්ටීවන් සටන්'(Stephen Sutton) 2014 මැයි මාසයේ පසුගියදා දෙනෙත් පියා ගත්තේ ය. ස්ටීවන් පාසැල් සමයේ වෙහෙසකර ක්‍රීඩාවන්ට මහත් ඇල්මක් දැක් වූ අතර වෛද්‍යවරයකු වීමට සරසවියට ඇතුල්වීමට සූදානමින් සිටියේ ය. එනමුත් ඔහුට ජීවත් වීමට වාසනාව තිබුණේ වසර 19ක් පමණි. ඉන් අවසාන වසර හතර ඔහු ජීවත් වූයේ මාරක පිළිකාවක් සමග සටන් කරමිනි. 

වෛද්‍යවරුන් විසින් මුලදී කරන ලද අපරීක්ෂාකාරී වැරදි රෝග විනිශ්චයන් නිසා ඔහුගේ පිළිකාව සොයා ගැනීම කල් ගියේ ය. සමහර විට නිසි කළ සොයා ගන්නා ලද්දේ නම් ඔහුගේ ජීවිත ඉරණම වෙනස් වන්නට තිබුණි. ඒ බව හොඳාකාරව ම දැන සිටි නමුත් ස්ටීවන් ඒ සම්බන්ධයෙන් කිසිදු තරහක් පෙන්වුයේ නැත. ''අතීතයේ ජීවත්වෙලා මොනව කරන්න ද? මං කැමැති ඉස්සරහ ගැන බලන්න'' යැයි ඔහු කීවේ උපේක්ෂා සහගතව ය. 

ඔහු ජීවිතයට ආකල්ප ම ය වෙනසක් ඇති කර ගත්තේ ය. 

එමගින් ගොඩ නගාගත් සිය ජීවිත අධිශ්ඨානය මගින් ස්ටීවන් පිළිකාව පරාජය කරන්නට සමත් විය. ඒ ජීවිත කාලය දිගු කර ගැනීමට වාසනාව ලැබීමෙන් නොවේ. ජීවත් වන කාලයෙහි අරමුණක් ඇතිව ජීවත්වීමෙනි. අපි සෑම දෙනෙකු ම වාගේ ජීවිතයේ යම් යම් අවස්ථාවන්හි දී දුෂ්කර සමයන්ට මුහුණ දෙමු. සිරුර අඩපන කැරෙන කායික පිළිකා නැතත් මනස ද එමගින් ජීවිතය ද අඩපන කැරෙන සමාජ පිළිකා අප අවට සුලභ ය. ස්ටීවන් වනාහි එවැනි දුෂ්කර සමයකට ආලෝකයක් ගෙනෙන උදා තරුවක් වැන්න. 

මුහුණ දීමට සිදු වූ සිත් කළඹන රෝගී තත්ත්වය හමූයේ ඔහු ජීවිතයට අලූත් අරුතක් සොයා ගත්තේ ය. දිනෙන් දින ඉතා ඉක්මනින් සිය අවසාන හුස්ම පොද ළඟා වන බව දැනගත් වහාම ඔහු මුහුණු පොතේ සිය පිටුවෙහි තමා කරන්නට හිතු මනාප 47 ක ලැයිස්තුවක් පළ කෙළේ ය. ඒ 2013 දී ය. සිය මරණයට පෙර එම ලැයිස්තුවෙන් හැකි තාක් දේ මුදුන් පමුණුවා ගැනීම සිය අරමුණ ලෙස ද එහි සටහන් කළේ ය. එම ලැයිස්තුව විනෝදයේ සහ පරෝපකාරයේ සංකලනයක් විය. ඔහුට දෙකම එකක් වූවා වැන්න. පොතක් ලිවීම, ජනප්‍රිය පාපන්දු තරගයක් බැලීමට යෑම, මහ සෙනඟක් අභිමුව ඛෙර වැයුමක යෙදීම, අලියකු සිප ගැනීම, කොල්ලන්ගේ විනෝද ගමනකට යෑම, මහ පිරිසක කරපිටින් සර්ෆ් කිරීම, ජනප්‍රිය ප්‍රහසන නළුවකු මුණ ගැසීම යනාදී විනෝද ජනක දෑ ද එහි විය. 

එම ලැයිස්තුවෙන් ස්ටීවන්ට මුදුන් පමුනුවා ගැනීමට නොහැකි වූයේ කරුණු 17 ක් පමණි. ඒ අතර ඕස්ටේ්‍රලියාවේ සංචාරයකට යෑම, බ්‍රසීලයේ සැණකෙළියකට යෑම, පේරු රටේ පුරාණ නටඹුන් බැලීමට යාම යනාදිය විය. 

සිය පිළිකාව පිළිබඳව දැන ගැනීමෙන් පසු ස්ටීවන් එංගලන්තයේ යෞවන පිළිකා භාරය (ටීනේජ් කැන්සර් ට්‍රස්ට්) සමග කටයුතු කිරීමට පටන් ගෙන තිබුණි. ඔහුගේ හිතුමනාප ලැයිස්තුවේ එවැනි සමාජ සේවා ව්‍යායාමයන්ට ආධාර පිණිස කැරෙන ක්‍රියා ගණනාවක් ද විය. සමාජ සේවා ආධාර සඳහා අහසේ සිට අඩි 15000 ක පිම්මක් පැනීම, සමාජ සේවා රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කිරීම, සමාජ සේවාවට සහාය පිණිස හිස බූ ගෑම,(මෙහිදී එංගලන්තයේ යෞවනයෝ 'ස්ටීවන් ෆැෂන්' සේ සලකා හිස බූ ගෑවෝය) යෞවන පිළිකා භාරයට පවුම් මිලියනයක් එකතු කර දීම යනාදිය ඒ අතර විය. 

අතරමගදී ස්ටීවන් පවුම් මිලයනයේ ඉලක්කය පසු කළා පමණක් නොව එය පවුම් මිලියන තුනක් කරා ඉහළ නැංවූයේ ය. සිය ජීවිතය පිළිබඳ එතරම් අවිනිශ්චිත තත්ත්වයක සිටිමින් යෞවන ජීවිත බේරා ගැනීම පිණිස මේසා අරමුදලක් ගොඩ නැගූ අන් අයකු ගැන අසන්නට නැත. ඔහුගේ මරණයෙන් පසු මේ වන විට එම අරමුදල පවුම් මිලියන හතර හමාරක් දක්වා ඉහළ ගොස් තිබේ.

රෝහල් ගත වූ සෑම අවස්ථාවක දී ම ස්ටීවන් සිය මුහුණු පොතෙහි සිය රෝගී තත්ත්වය සහ ජීවිතය සතුටින් ගත කිරීම ගැන සටහන් කෙළේ ය. එවැනි එක් අවස්ථාවක ඔහු මෙවැනි සටහනක් තැබුවේ ය. 

''මේ මගේ අවසන් මහපටැඟිළි ජය ළකුණයි. මේ තාක් මං සාර්ථකව මුහුණ දුන්නා, ඒත් දැන් පේන විදිහට අවාසනාවකට වගේ මේ කඩුල්ල පනින්න බැරි වෙන පාටයි.'

මේ තරම් ඉක්මණට අවසානය ආපු එක ලැජ්ජාවක්. කොච්චර දෙනෙක් ඉන්නව ද මට හරියට මුණු ගැහිල ස්තුති යි කියන්න බැරි වුන, ආයුබෝවන් කියන්න බැරි වුන.. ඒකට සමාවෙන්න..

ඊළගට මොනව වුනත් මං එක දෙයක් කියන්න ඕනෙ. මං ඉන්නේ හොඳින්. මං එළැඹෙන තත්ත්වයට සාමකාමීව මුහුණ දෙනව. එච්චරයි. ජීවිතය හොඳට ගෙවුණ. හරිම හොඳට.''

එංගලන්තයේ ජනප්‍රිය ප්‍රහසන නළුවකු වන ෙජ්සන් මෑන්පොඩ්, ස්ටීවන්ගේ සමාජ සේවා ව්‍යායාමයේ ප්‍රබලයෙකු බවට පත්ව සිටියේ ය. ස්ටීවන්ගේ මරණයෙන් පසු ඔහු මෙසේ කීවේ ය. ''වසය 19 දී මැරෙන්න යනව කියා දැන ගත්තොත් අප හුඟ දෙනෙක් කම්පා වේවි. ස්ටීවන්ගේ වෙනස ඒකයි. සිය ජීවිතයේ අඳුරුම පැයේදිත් ඔහු යෞවනයින් වෙනුවෙන් දශ ලක්ෂ ගණනින් මුදල් එකතු කරන්න කැප වෙලා හිටිය. ඔහු කළ දේ අප කාටවත් කරන්න බැහැ. කරන්න තියා හිතන්නවත් බැහැ. මේ දිරිමත් තරුණ මිනිසා ගැන ඔහුගේ පවුලටත්, බ(ර්)න්ට්වුඩ් නගරයටත් මානව සංහතියටමත් ආඩම්බර වෙන්න පුළුවන්. ඔහුගේ සමහර වචන සදා කාලයටම ජීවත් වේවි. ඔහු කියන්න පුරුදු වෙලා හිටිය 'ජීවිතය මැනෙන්නේ කාලයෙන් නොවෙයි, මුදුන් පමුණුවා ගැනීම් මගින් කියල''

ඔහුගේ හිතුමනාප ලැයිස්තුවේ වූ නගරයේ ගායක කණ්ඩායම සමග සමාජ සේවා ආධාරක ගීයක් ගැයීම යන්න ඔහුට ඉටු කර ගැනීමට බැරි විය. එසේ නමුත් ඔහුගේ මරණයෙන් පසු සංගීතවේදීන් 40 දෙනෙකු එක්ව ස්ටීවන් වෙනුවෙන් නිර්මාණය කළ ගීය වහාම එංගලන්තයේ ජනප්‍රිය දෙවැනි ගීය බවට පැමිණුනි. 

2014 ජනවාරි මාසයේ දී ඔහුගේ හිතුමනාප ලැයිස්තුවේ එක් අංකයක් වූ විශාල පිරිසක් හමුයේ කතාවක් පැවැත්වීමට ඔහුට අවස්ථාව ලැබුනි. හරදහසක් දෙනෙකු හමුවේ සිය අදහස් කියා පෑමට ඔහුට විනාඩි 15 ක් ලැබුනි. එහිදී ස්ටීවන් දැක්වු අදහස් ජීවිතයක අරුත පිළිබඳ ඔහුගේ දැක්ම සටහන් කිරීමක් විය. ඒ වන විට සිය ජීවිතය ඉක්මන් අවසානයක් කරා ගමන් කරමින් සිටින බව ඔහු දැන සිටියේ ය. ඔහු මෙවැනි අදහස් ගොන්නක් එහිදී ඛෙදා හදා ගත්තේ ය.

'' මා මෙහි ඉන්නේ සිනහසෙමින්. ඊට හේතුව මා ලබන සහයෝගය යි. පහුගිය කාලයේ මං ඉගෙනගත් දෙයක් තමයි, පුළුවන් තරම් සාධනීය වෙන්න. ඒ වගේම මං ඉගෙන ගත්තා සාධනීය ආකල්ප විසින් සාධනීය ප්‍රතිඵල ලබා දෙන බව. ඒ වගේම මං ඉගෙන ගත්තා මං ගැන දුක් නොවෙන්න. ඔබ කිසිවෙක් මං ගැන දුක් වෙන්නත් එපා. අවාසනාවකට වගේ මගේ රෝගය සුව කළ නොහැකි තත්වයකයි තියෙන්නේ. මං දන්නේ නැහැ මට කොච්චර කාලයක් තියෙනව ද කියා ජීවත් වෙන්න.

ඒත් මං ඒ ගැන වෛද්‍යවරුන්ගෙන් අහන්නේ නැහැ. මොක ද දන්නවද ? මං තවදුරටත් ජීවිතය මනින්නේ කාලයෙන් නොවෙයි. මං ඇත්තට ම කැමැතියි ජීවිතය මනින්න දිනා ගැනීම් වලින්, නැත්නම් අප සාර්ථක කර ගන්නා දේ වලින්. ඊටත් වඩා මං කැමැතියි වෙනසක් ඇති කිරීම කියන අර්ථයෙන් ජීවිතය මනින්න, ඒක වඩා වටිනවා, වඩා ප්‍රායෝගික යි. මං මෙහි ආවේ එවැනි ජීවිත දැක්මක් ඇති කරගන්න කියලා ඔබ හැම දිරිමත් කරන්නයි. පසුගිය අවුරුද්දේ මං කළ එක් දෙයක් තමයි ස්ටීවන්ගේ කතාව කියා මුහුණු පොතේ පිටුවක් ඇරීම. මං එහි දැම්මා මං කරන්න හිතු මනාප කරුණු 47 ක ලැයිස්තුවක්. 

බලන්න, මට කතා කරන්න තියෙන්නෙ විනාඩි 15 යි නෙ. ඒත් බලන්න එක් අවුරුද්දක් ඇතුලෙ මං කරපු හරිය. එක්තරා විදිහකට මං පිළිකා රෝගියෙක් නිසාම නොවෙයි, අප කාට වුනත් යමක් දිනා ගන්න අවශ්‍ය නම් ඒ වෙනුවෙන් වැඩ කරන්නයි ඕනෙ. ජීවිතය තියෙන්නේ ජීවත් වෙන්න. 

මං තේරුම් ගත් තවත් දෙයක් තමයි තමන්ට උදව්වක් කර ගන්න හොඳම විදිය තමයි අනුන්ට උදව් කරන එක කියල. මං ගෙදරට වෙලා දුක් වෙවී ඉන්නෙ නැතුව ඔබත් එක්ක මගේ කතාව ඛෙදා ගන්නේ ඇයි? මගේ පිළිකාව මුලින් සොයා ගත්තහම ඒක හොඳ දෙයක් වුනා. මට ලොකු උද්වේගයක් ඇති වුණා දේවල් කරන්න. ජීවිතේ විඳින්න. නමුත් පස්සේ කරපු රෝග විනිශ්චයෙන් මට එතරම් කාලයක් නැති බව පෙන්නල දුන්න. දැන් මට දැවැන්ත උද්වේගයක් තියෙනව ඒත් එතරම් කාලයක් නැහැ. 

බලන්න ඔබ දිහා. ඔබට ලෝකයේ ඇති තරම් කාලය තියෙනව, ඔබට ම වගේ ම අනෙක් අයටත් වෙනසක් ඇති කරන්න. ඒත් වෙලාවකට ඔබට උද්වේගය නැති වෙන්න පුළුවන්. ඇත්ත, ඔබට ඔබේ ජීවිත කාලයෙන් කොටසක් මට දෙන්න බැහැ මට තව කාලයක් ජීවත් වෙන්න. ඒත් දන්නව ද මට කළ හැකි දේ. මට පුළුවන් මගේ උද්වේගයෙන් කොටසක් ඔබට දෙන්න. ජීවිතයේ යමක් දිනා ගන්න, එළියට බැහැලා වෙනත් අයට උදව් කරන්න, වගේම එළියට බැහැලා ජීවිතය විඳින්න. මං අන්තිමට ආයෙත් කියන්නේ 'කරන්න යහපත් වෙනසක්..' කියායි. ඒක තමයි කළ යුතු දේ.''

යහපත් වෙනසක් ඇති කරමු. එය තමයි කළ යුතු දේ...!

-සුනන්ද දේශප්‍රිය විසිනි-

-ලංකා ඊ නිව්ස් පසු සටහන-
-------------------------------