ජීසස්ට තවමත් යුක්තිය ඉටුවී නොමැත ? ජීසස්ට තවමත් වන්දියක් ලැබී නොමැත ??

0
279

2011 අගෝස්තු මස 25 වනදා මීගමුව පෙරියමුල්ලේ පිහිටි අන්සර් හෝටලයේ සේවකයන් අතින් 15 හැවිරිදි ජීසස් ඩෙනීෂියස් ප‍්‍රනාන්දු මාරාන්තික ප්‍රහාරයකට ලක්විය.එතැන් පටන් ජීසස්ගේ ජීවිතයේ සියල්ල  ,අධ්‍යාපනය ,අනාගතය මේ සියල්ල කඩාකප්පල් විය. මේ වනවිට ඔහුට සිදුවූ පහරදීමේ බලපෑමෙන් ඔහු ශාරිරිකව දුබලයෙකු බවට පත්වී අවසන්ය. මේ වනවිට මේ සම්බන්ධව ඇසෙන නඩු , වන්දි නඩුව හා පහරදීමේ නඩු වාර 36 කුත් ගෙවී අවසන්ව ඇත. වන්දි නඩුව සදහා සාක්ෂි කැදවීම ආරම්භ කොට ඇති අතර 2023 ජනවාරි 24 වනදා පැවති නඩු වාරයේදී ජීසස්ගේ මවගෙන් ,මරියපාක්‍යම් ආනන්දි (49) සාක්ෂි ලබාගෙන තිබුණි. මෙම වන්දි නඩුවේ මීළග දිනය යෙදී ඇත්තේ මැයි මස 31 වෙනිදාටය. (නඩු අංකය -14/239/m)
ජීසස්ට පහරදිම සම්බන්ධව මීගමුව අධිකරණයේ ඇසෙන නඩුව B-24-55 නැවත කැදවනු ලබන්නේ  2023/11/14 වනදාය. ජීසස් මේ පහරකෑමට ලක්වන විට වයස අවුරුදු 15 ක දරුවෙකි. දැන් වසර 12ක් ගෙවී ඇත. වයස අවුරුදු 27ක තරුණයෙක් වන ජීසස් ඒ වෙනුවෙන් වසර 12ක වන්දියක් ජීවිතයෙන් ගෙවා ඇත. ඔහුගේ දෙමාපියන්ද ජීසස් වෙනුවෙන් අප්‍රමාණ වූ දුක් කන්දක් උහුලාගෙන , කරතියාගෙන සියලු දුෂ්කර කාලයන්ට මුහුණ දී , අත්නොහැර මේ සෑම නඩුවාරයකටම සහභාගී වෙමින්, යුක්තියක් ප්‍රාර්ථනා කරති. නමුත් මේ යුක්තිය ඉටුවන්නේ කවදාද ?