ජීසස්ට පහරදුන් ‍ තුන්දෙනෙකුව අත්අඩංගුවට

0
164

2011 අගෝස්තු  මස 25 වනදා  මීගමුව පෙරියමුල්ලේ පිහිටි අන්සර් හෝටලයේ සේවකයන් අතින් 15 හැවිරිදි   ජීසස් ඩෙනීෂියස් ප‍්‍රනාන්දු මාරාන්තික ප්‍රහාරයකට ලක්විය. සිද්ධිය සිදුවී දැනට මාස 5ක් ඉකුත් වී ඔහු  අබ්බගාත තත්ත්වයට පත්වී ඇතත් ඔවුන්ට නීතියෙන් සාධාරණයක්  මේ වනතෙක් සිදුවී නොමැත.  ඔහු  මුහුණ පෑ මෙම අසාධාරණ  පිළිබදව ඊයේ සිරස වන් විදුලි මාධ්‍යයේ සුලං කපොල්ල වැඩසහනේ ද ප්‍රකාශ විණි.  මීගමුව පොලීසිය විසින් ඊයේ සවස මෙම සිදුවීමට සම්බන්ධ අන්සර් හෝටලයේ මුදලාලි සහ තවත් සේවකයන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. වාර්තා වන අන්දමට අන්සර්ගේ හිසට බත්  කලවම් කරන හැන්දෙන් පහරදුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධ නඩු විභාගය මාර්තු 07 වෙනිදාට යෙදී ඇත.